වෙනත් සැමියෙකු සමග සිටි චීන කාන්තාවකට වුනු ඇබැද්දිය...

මේ කියන්න  යන කතාවේ කතා නායිකාව චීන කාන්තාවක්. ඉතින් මැය සුරූපී ( චීන කාන්තාවන් අතරින් ) තරුණ කාන්තාවක් කියලයි වාර්තා වෙන්නේ.
සිද්ධියට මුල් වෙලා තියෙන්නේ, මේ කාන්තාව වෙනත් කාන්තාවකගේ ස්වාමි පුරුෂයෙක් සමග එක්ක අති රමණයේ  ( ඔව් ඔව්, ඉතින් කොටු පැනපු සීන් එකක් තමයි.. ) යෙදිමින් ඉන්න කොට ලයිසන් තියෙන original ගෑනු කෙනා ඇවිත්. ඉතින් ගෑනු කෙනාට වැඩේ මාට්ටු උන හැටියේම කල්ල තියෙන්නේ ප්‍රදේශ වාසීන් එක්ක එකතු වෙලා අදාළ කාන්තාව නිරුවතින්ම පාරේ අවිද්ද්පු එක.. 

වැඩේ කියන්නේ මේ හොර ගැහැණිය ආයේ හිටිය විදියටම අඩුම ගානේ  ගැජමැටික් එකවත් ඇදගෙන යන්න try එකක් දුන්නත් සම්පූර්ණ උපන් ඇදුමින්ම ඇවිදින්න කියලයි command එක ලැබිල තියෙන්නේ... 

" උබට මගේ මිනිහත් එක්ක ඔය විදියට නිදා ගන්න පුළුවන් නම් පාරෙත් ඔහොමම පලයන්.. බැල්ලි .. "

මෙතැනදී කෝපාවිෂ්ට වෙච්ච ඒ කාන්තාව කියල තියෙනවා. කොහොම හරි මේ චීන කෙල්ලට ශාරීරිකව මොනම විදියකින්වත් සීරීමක්වත් සිදු කරලා නැතත්  මැයට  දෙන දඩුවමක් විදියට තමයි තමයි මෙහෙම මහා පාරේ උපන් අදුමින්ම අවිද්ද්වල තියෙන්නේ. 


කොහොම වැරදි වැඩේ කලත්, මේ සිද්දියෙන් පස්සේ ඒ කාන්තාව ඉතාමත් ලජ්ජාවෙන් තමන්ගේ නන්ගියව අතින් වහගෙන Hand Bag එකෙන් පසුපස ප්‍රදේශය වසාගෙන යන ආකාරය පහත වීඩියෝවේ දක්නට ලැබෙනවා..
ඉතින් මෙහම අවිද්දවල විතරක් නිකන් ඉදල නෑ. එතන හිටිය අය මේක පටිගත කරලා " Live Leak " කියන ලීක් වෙච්ච වෙබ් අඩවියටම යොමු කරලා.
ඉතින් මේ වීඩියෝ එක ලැව් ගින්නක් වගේ චීනයේ සමාජ මාධ්‍ය හරහා පැතිරිලා අළු වෙලා ගිහිල්ල තියෙන්නේ.. 
walk-of-ලැජ්ජාව -1.jpg
එත් මේ සිද්දියට මුල් වුන මෑන් කාරයනම් ශේප් වෙලා ගිහින් තියෙනවා.. ඉතින් මේ ගැන ගොඩක් කාන්තා පිරිස් චෝදනා කරලා තියෙනවා.
හැම තිස්සෙම කාන්තාවන්ට තමයි වරද පැටවෙන්නේ "පිරිමි හරි සුදනොය" කියල.

ඉතින් ඔයාලටත් පෙම්වතියෙක් / පෙම්වතෙක් ඉන්නවද එහෙම නැත්නම් බිරිදක්/ සැමියෙක් ඉන්නවද? කොහොම නමුත් ඔබගේ සමීපතම ආදරණීයය අතින් මේ ආකාරයේ වැරද්දක් වුනොත් ඔබ ක්‍රියා කරන්නේ මොන ආකාරයටද? ඔබට දැනෙන හැගීම කෙබදු මට්ටමේ එකක් වේවිද?

මෙය ඕනෑම අයෙකු අතින් හොර රහසේ සිදු වී ඇති වැරද්දක් වන්නට පුළුවන්. නමුත් කුමන වැරැද්ද කලත් මෙවැනි ලෙස කාන්තාවක නිරුවතින් අවිද්දවීම කොතරම් දුරට සදාචාර සම්පන්නයි. ඔබට සිතෙනු ඇත. 

එම සිද්දියට අදාළ වීඩියෝව .

මෙම වීඩියෝවෙන් කලබලයට  පත් චීන පුද්ගලයන් විවිද ලෙස අදහස් දක්වා ඇත...
"චීන සංස්කෘතිය මාව ව්‍යාකූල කරයි"

තවත් අයෙක් එකතු කළ අතර:

“මෙය ඉතා කටුක අත්දැකීමක්. මෙම කාන්තාව ලද පීඩාව අපමණ විය යුතුය. ”
 මෙම වීඩියෝව බලන ඔබට යම් දුරකට ආශ්වාදයක් , තරහක්  දැනෙනු ඇත . නමුත් කිව යුත්තේ

" ගැටලුව තමාගේ වනතුරු පිළිතුර දාර්ශනික වේ "  යන්නයි.

ඔබත් සිතා බලන්න. හෙට දිනයේ මෙවැනි සිද්දියක් ඔබට වුවහොත්..

බොහෝ දෙනෙකුට මේ පිළිබඳව විවිධ අදහස් ඇත. ඔබේ අදහස කුමක්ද?

ඔබගේ අදහස් පහතින් දක්වන්න.. මේ ලිපිය වැදගත් නම් Share කරන්න ..
මේ වගේ තවත් රසවත් ලිපි කියවන්න අපිව Like කරන්න අමතක කරන්න එපා ..

කොරෝනා වෛරස් නාට්‍යය හොඳින් රග පෑ චීනය ....
දර්ශනය 1: *
තිරය ​​විවෘත වේ: චීනය රෝගාතුර වෙයි, "අර්බුදයකට" ඇතුළු වෙයි.. චීනයේ වෙළඳාම අඩාල වෙයි. තිරය ​​වැසෙයි.
* දර්ශනය II. *
තිරය ​​විවෘත වේ: චීන මුදල් අවප්‍රමාණය වී ඇත. ඔවුන් කිසිවක් කරන්නේ නැත. තිරය ​​වැසෙයි.
* දර්ශනය III. *
තිරය ​​විවෘත වේ :: චීනය පදනම් කරගත් යුරෝපයේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ සමාගම්වල වෙළඳාමේ අඩුවීම හේතුවෙන් ඔවුන්ගේ කොටස් ඒවායේ වටිනාකමෙන් 40% කින් පහත වැටේ.
* දර්ශනය IV. *
තිරය ​​විවෘත වේ :: ලෝකයම රෝගාතුර වී ඇත, චීනය යුරෝපයේ සහ එක්සත් ජනපදයේ සමාගම් වලින් 30% ක කොටස් ඉතා අඩු මිලකට මිලදී ගනී. තිරය ​​වැසෙයි.
* දර්ශනය V. *
තිරය ​​විවෘත වේ: චීනය රෝගය පාලනය කර ඇති අතර යුරෝපයේ සහ එක්සත් ජනපදයේ සමාගම් දැන් චීනය සතුය. චීනය තීරණය කරන්නේ මෙම සමාගම් චීනයේ රැඳී සිට ඩොලර් බිලියන 20,000 ක් උපයා ගන්නා බවයි. තිරය ​​වැසෙයි.
නාට්‍යය හඳුන්වන්නේ කෙසේද?
* දර්ශනය VI: *
* චෙක්මේට්! *
* නැවත සකස් කිරීම නමුත් සත්‍යය *
ඊයේ සහ අද අතර වීඩියෝ දෙකක් පසු වී ඇති අතර එය මා සැක කළ නමුත් කිසිදු පදනමක් නොමැති දෙයක් මට ඔවුන් ඒත්තු ගැන්වූහ. එය මගේ අනුමානයක් පමණි. කොරෝනා වයිරසය චීන ජාතිකයන් විසින්ම හිතාමතාම ප්‍රචාරය කළ බව දැන් මට ඒත්තු ගොස් තිබේ.
මුලදී ඔවුන් ඕනෑවට වඩා සූදානම් විය. රෝහල් ආරම්භ වී සති තුනකට පසු දින 14 ක් සහ ඇඳන් 12,000 ක් රෝහල් දැනටමත් ඉදිවෙමින් පවතී. ඔවුන් ඇත්තටම සති දෙකකින් ඒවා ගොඩනඟා ගත්තා.
විශිෂ්ඨයි....
ඊයේ ඔවුන් නිවේදනය කළේ ඔවුන් වසංගතය නැවැත්වූ බවයි. ඔවුන් එය සමරමින් වීඩියෝ නිකුත් කර , ඔවුන් සතුව එන්නතක් පවා ඇති බව නිවේදනය කරයි. සියලු ජානමය තොරතුරු නොමැතිව ඔවුන් එය ඉක්මණින් නිර්මාණය කරන්නේ කෙසේද? හොඳයි, ඔබ සූත්‍රයේ හිමිකරු නම් එය කිසිසේත් අපහසු නැත.
අද මම දුටුවා ඩෙන් ෂියාඕ පිං බටහිරට බාගෙට ලනුවක් දුන් ආකාරය විස්තර කරන වීඩියෝවක්. කොරෝනා වෛරසය හේතුවෙන් චීනයේ බටහිර සමාගම්වල ක්‍රියාකාරිත්වය දැවැන්ත ලෙස පහත වැටුණි. චීනය මම බලාපොරොත්තු ලෙසම, කොටස් මිල පහළට ගිය විට ඒවා මිලදී ගත්තා. දැන් ඇමරිකා එක්සත් ජනපදය හා යුරෝපය විසින් චීනයේ නිර්මාණය කරන ලද මෙම හුවමාරු සහ ඔවුන්ගේ ප්‍රාග්ධනය චීනය අතට පත්විය. ඒවා දැන් චීනය අතට පත්විය. ඔවුන්ට අවශ්‍ය සියල්ල බටහිරට විකිණීමට. ඔබට තේරෙනවාද?
මේ කිසිවක් අහම්බෙන් සිදුවිය නොහැක. මහලු මිනිසුන් කිහිප දෙනෙකු මිය ගිය බව සැලකූ චීනය අඩු විශ්‍රාම වැටුප් ගෙවීමට වන නමුත් කොල්ලය අති විශාලය. මේ වන විට බටහිරයන් මූල්‍යමය වශයෙන් පරාජයට පත්වී ඇත. බටහිර ඔවුන් කුමක් කළ යුතු දෙයක් නොදනී .
දක්ෂ ලෙස දරුනු වීම. චීන කොමියුනිස්ට්වාදීන් කලේ එයයි. |
මෙයට අමතරව, චීනය දැන් එක්සත් ජනපද භාණ්ඩාගාරයේ විශාලතම තනි හිමිකරුවන් වන අතර ට්‍රිලියන 1.18 ක වැඩිම කලක් සිටි ජපානය අභිබවා යයි.
එකම අරමුණක් සහ එක ලෙසම...
රුසියාව සහ උතුරු කොරියාව කොවිඩ් 19 හි අඩු හෝ ශුන්‍ය සිදුවීම් ඇති කරන්නේ කෙසේද?
ඒ ඔවුන් චීනයේ දැඩි සගයන් වන නිසා ද?
අනෙක් අතට ඇමරිකා එක්සත් ජනපදය / දකුණු කොරියාව / එක්සත් රාජධානිය / ප්‍රංශය / ඉතාලිය / ස්පාඤ්ඤය සහ ආසියාව දැඩි ලෙස පීඩාවට පත්ව ඇත
එහෙත් වුහාන් හදිසියේම මාරාන්තික වෛරසයෙන් නිදහස් වන්නේ කෙසේද?
චීනය පවසන්නේ ඔවුන් ගත් දැඩි ආරම්භක පියවර ඉතා දැඩි බවත්, වෙනත් ප්‍රදේශවලට පැතිරීම වැළැක්වීම සඳහා වුහාන් අගුලු දමා ඇති බවත් ය..
එනමුත් චීන අගනුවර බීජිනයට කොරෝනාව පහර නොදුන්නේ ඇයි? වුහාන් පමණක් ඇයි?
ඒ ගැන කල්පනා කල යුතු නොවෙද?
හොඳයි .. වුහාන් දැන් ව්‍යාපාර සඳහා විවෘතයි
බොහෝ විට අමරිකා - චීන වෙළඳ යුද්ධයේදී ඇමරිකාව විසින් චීනයට රිදවීම නිමා කරන්නේ කොවිඩ් -19 වීමට බොහෝ ඉඩ ඇත..
ඇමරිකාව සහ ඉහත සඳහන් සියලු රටවල් මූල්‍යමය වශයෙන් විනාශයට පත්ව ඇත
චීනය සැලසුම් කළ පරිදි ඇමරිකානු ආර්ථිකය කඩාවැටෙනු ඇත.
ඇමරිකාව වර්තමානයේ ලෝකයේ බලවත්ම රට වන බැවින් චීනය එය ඇමරිකාව යුදමය වශයෙන් පරාජය කළ නොහැකි බව දනී.
එබැවින් චීනය විසින් වෛරසයක් භාවිතා කරමින්,,,අමරිකානු/ලෝක ආර්ථිකය අඩපණ කර සහ ජාතික සහ එහි ආරක්ෂක හැකියාවන් අඩපණ කලහ...
මට විශ්වාසයි අමරිකානු පහල මන්ත්‍රී මන්ඩලයේ කතානායක නැන්සි පෙලෝසි ට්‍රම්ප් පෙරළා දැමීමට මේ සඳහා දායක වූ බවට .... ....
මෑතදී ජනාධිපති ට්‍රම්ප් සෑම විටම කියා සිටියේ සෑම අංශයකින්ම හොදට ඇමරිකානු ආර්ථිකය වැඩිදියුණු වූ ආකාරය සහ රැකියා නැවත ඇමරිකාවට පැමිණීම ගැනය...
ට්‍රම්ප්ගේ MAKE AMERICA GREAT AGAIN දර්ශනය විනාශ කිරීමට ඇති එකම ක්‍රමය වන්නේ ආර්ථික සංහාරයක් නිර්මාණය කිරීමයි.
දෝෂාභියෝගය හරහා ට්‍රම්ප් ඇද වැට්ටීමට නැන්සි පෙලෝසිට නොහැකි විය ..... එබැවින් චීනය සමඟ එක්ව වෛරසයක් මුදා හැරීමෙන් ට්‍රම්ප් විනාශ කිරීමට ඇය යොමු විය..
වුහාන් හී කොරෝනා වසංගතය ප්‍රදර්ශනයක් පමණක්ම විය.
වෛරස් වසංගතයේ උච්චතම අවස්ථාවේ දී .... චීනයේ ජනාධිපති ෂී ජින් පිං,,, එම වෛරසයේ බලපෑමට ලක් වූ ප්‍රදේශ නැරඹීම සඳහා ගිය විට සරල RM1 මුහුණු ආවරණයක් පැළඳ සිටියේය.
එනමුත් චීනයේ ජනාධිපති වශයෙන් ඔහුගේ හිස සිට පාදය දක්වා ආවරණය කළ යුතුව තිබුණි ..... නමුත් එය එසේ නොවීය.
හේතුව නම්,,,,
කොරෝනා වෛරසයෙන් සිදුවන හානිය වළක්වා ගැනීම සඳහා චීන ජනපතිට දැනටමත් වැක්සීන් ඖෂධ එන්නත් කර ඇති වීමයි .... එයින් අදහස් කරන්නේ වෛරසය මුදා හැරීමට පෙරම චීනය සතුව වැක්සීන් ප්‍රතිකාරයක් ක්‍රියාත්මක කර,,එය ඔවුන් සතු කරගෙන තිබූ බවයි...
චීනයේ දැන් දැක්ම වන්නේ දැඩි ආර්ථික පසුබෑම් අද්දර සිටින රටවලින් දැන් ඒ රටවල් සතු ව්‍යාපාරවල කොටස් මිලදී ගැනීමෙන් ලෝක ආර්ථිකය පාලනය කිරීමයි .....
තවත් තරමක් කල් ගිය පසු,, චීනය විසින් ඔවුන්ගේ වෛද්‍ය පර්යේෂකයන් විසින් වෛරසය විනාශ කිරීමට ප්‍රතිකාරයක් සොයාගෙන ඇති බවට නිවේදනයක් කරනු ඇත...
ඒ වන විට චීනය සියළුම බටහිර රටවල් හා ඔවුන්ගේ සන්ධානවල ව්‍යාපාරවල කොටස් හිමි කරගෙන සිටිය යුතු අතර එම අතීත බලවත් රාජ්‍යයන් ඉතා ඉක්මනින්ම නව ලෝක පාලකයාගේ වහලුන් බවට පත් වී සිටිනු ඇත .....
ඒ නව ලෝක පාලකයාගේ නාමය "චීනය" වනු ඇත..
තවත් මාස කිපයකින් ලොවටම සත්‍ය පසක් වනු ඇත....
((අන්තර්ජාලය ඇසුරිනි ))
Theekshana chathurika තැබූ සටහනකින් උපුටා ගන්නා ලදී..

උපුටා ගැනීම : 

අනුපමා.. රූමත් ඉන්දියානු කාන්තාවක්. ඇය නාන තුවාය පමණක් ඇග ලාගෙන තම ජංගම දුරකථනයෙහි සංවාදයක යෙදෙමින්ම නාන කාමරයට ඇතුල් වෙයි.
අනෙක් පස සිටින්නේ ඔහුගේ පෙම්වතාය..  ඇය සැරසෙන්නේ ස්නානය කිරීමටය. මේ බව ඇය පෙම්වතාට සැල කරමින් දුරකථන සංවාදය අවසන් කිරීමට ඔහුගෙන් අවසර පතයි.. 

එහෙත් 
ඇය නෑමට සැරසෙන බව දැනගන්නා ඔහුගේ පෙම්වතා අපූරු යෝජනාවක් ගෙන එයි..

"අපෝ.. බෑ පිස්සුද ඔයාට, දැකල නැද්ද ඔයා. පෙන්නන්ම්කො පස්සේ ආවම  ... "

එහෙත් ඔහුගේ ආයාචනය බලවත්ය .. ඇය එය ඉටු කිරීමට සැරසෙයි..

"හැබැයි ඔන්න බැලුව හැටියේම මකල දාන්න ඕන "

ඒ අයගේ ආයාචනයයි.. 
කෙසේ හෝ ඇය තම එක අතකින් දුරකථනයෙහි කැමරාව Open කොට අනිත් අතින් තුවාය මදක් ගලවා දමයි..

ජායාරූපය ගන්නා ඇය ඔහුට එවෙලේ send කරයි.

"ඔන්න මම එව්වා. බලල ඉක්මනට මකල දානව "

එහෙත් තත්පර කිහිපයක් ගියද එය ඔහුට නොලැබුන බව කියයි. විහිළුවක් හෝ කරමින් නැවතත් තව එකක් ඒවා ගැනීමට කරන කපටි කමක්දෝ සිතමින් ඇය .....

"එව්වනේ අනේ දැන්. ඉන්න බලන්න "

ඇය නැවතත් තම දුරකථනයෙහි WhatsApp Messages පරික්ෂා කොට බලයි.. 

දකින දෙයින්  ඇයගේ කකුල් පණ නැතිවෙයි.. 

"අනේ බබා.. ඔයාට එව්ව ෆොටෝ එක වැරදිලා ගිහින් තියෙන්නේ තාත්තගේ චැට් එකට " ..

ඒ වනවිටත් ඇයගේ පියා එය seen කොට Reply කිහිපයක් ඒවා අවසානය. ඊලග මොහොතේ සිදු වන්නේ කුමක්ද?

එය නැරබිය හැක්කේ පහල ඇති සම්පූර්ණ video ව නැරබීමෙන් පසුවය.

නිරුවතින් Selfie ගසා හුවමාරු කරගැනීම ඒ තරම් හොද බුද්ධිමත්  ක්‍රියාවක් නොවුනද, වර්තමානයේ තරුණ පෙම්වතුන් හා පෙම්වතියන් අතර සිදුවන  සුලබ දෙයකි. මෙය තම පවුද්ගලිකත්වය හා ආරක්ෂාව අනුව බලන කල ඉතා භයානක සිදු වීමකි කෙසේ වෙතත් මෙහෙදී පෙම්වතුන් වඩාත් සතුටට පත් වන ක්‍රියාවක් වන නිසාත් තම ආදරය සනාත කරලීමේ උපායක් වශයෙන්ද තරුණියන් මෙසේ නිරුවත් ජයාරූප යැවීම නිරායාසයෙන්ම සිදු කරයි.. 

දිල්ලි ටෝකීස් විසින් ඉදිරිපත් කර ඇති මෙම Video ව හාස්‍ය උත්පාදක Video වක් වුවද එයින් විශාල ආදර්ශයක් ලබා දීමට උත්සාහ කරයි.. 

දිල්ලි ටෝකීස්ගේ සම්පූර්ණ වීඩියෝව මෙතැනින් නරඹන්න:
මෙහිදී උත්සාහ කරනුයේ ඔබගේත් ඔබගේ පෙම්වතාගේත් ආශාවන්, හැගීම් මැඩ පැවත්වීමට නොවේ. ඔබ පෙම්වතාට යවන ජායාරූපය ඔහු දැනුවත්ව හෝ නොදැනුවත්වම වෙනත් ඔහුගේ මිත්රන්ටද නැරබීමට හැකියාව තිබෙනවා නොවේද ? එය ඔබ යැවූ පරිදිම social Media හරහා වෙනත් අයෙකු වෙත Forward වීමට හැකියාව තිබෙනවා නේද, මදක් සිතන්න..  ඉහත Video ව ඔබ සිනහසෙමින් රසවින්දද, එවැනි අකරතැබ්බයක් ඔබට වෙනතාක් පමණි.
බුද්ධිමත්ව සිතා මතා ඔබගේ  නිරුවත විදීමට ඉඩ හැරීම ඔබගේ කැමැත්ත මත සිදුවන කාර්යකි. නමුත් එය ලෝකයා ඉදිරි පිටම සිදු වනවාද යන්න ඔබම තීරණය කරන්න.
ඔබගේ සහෝදරිය, මිතුරිය, හෝ ඔබට සමීප ඕනෑම කාන්තාවක හට මෙවැනි දේ සිදු විය හැකිය. එම නිසා දැනුවත් කරන්න...

ඔබගේ අදහස් පහතින් දක්වන්න.. මේ ලිපිය වැදගත් නම් Share කරන්න ..
මේ වගේ තවත් රසවත් ලිපි කියවන්න අපිව Like කරන්න අමතක කරන්න එපා ..


02_PAGE_17_T    

අදහාගත නොහැකි අද්භූත ක්‍රියා රැසක් සිදුවන බවට ඇතැමුන් විශ්වාස කරන නිවෙසක් අවිස්සාවේල්ල ප්‍රදේශයේ තිබෙන බවට ලැබුණු ආරංචියක් අනුව පසුගිය සඳුදා මහ රෑ අපි ඒ නිවෙස සොයාගෙන ගියෙමු. 
 අපිත් එක්ක ගිය මේ ගමනට මෙවැනි අත්භූත සිද්ධීන් ගැන ගවේෂණය කිරීමේ නිරතව සිටින විද්වතකුවන මහනුවර මහ රෝහලේ වෛද්‍ය ජනක ජයසූරිය මහතාද සහභාගි විය. 
දවල් රෑ කියා වෙනසක් නැතිව නිවෙසට ගල් ගසන බවත්, බත් මුට්ටිවලට වැලි දමන බවත් ගෙදර තිබෙන එළවළු පමණක් නොව ලූනුගෙඩිය සල්ලි පවා එළියට විසිකරන බවත් නිවෙස් හිමියා හා ඔහුගේ බිරිය අප සමඟ කියා සිටියේ මේනිසා තමන් ඇතුළු පවුලේ අය මාසයක පමණ කාලයක් තිස්සේ සිට මහත්සේ පීඩා විඳිමින් සිටින බව පවසමිනි. 
ගමේ සමහරුන්ද මේ භූතයා නිසා බියට පත්ව සිටින බව කියති. 

5

මේ අද්භූත සිදුවීම් බැලීමට ඒ නිවෙසට යන සමහරුන් පවා ගල් ප්‍රහාරවලට ලක්වූ අවස්ථා තිබෙන බව එහි ගිය අපට දැන ගැනීමට ලැබිණි. නිවසේ තොවිලයක් කිරීමට මාතර සිට පැමිණි කට්ටඬියෙක් නිවෙස් හිමියා සමඟ පවසා ඇත්තේ මීට අවුරුදු 157කට පමණ ඉහතදී මියගිය අයකුගේ භූතාත්මයක් විසින් මෙවැනි දේවල් කරන ලද බවය. 
ගෙදර අය හොඳටම බයවී ඇත්තේ කට්ටඬියා කී මේ කතාව අසාය. 
“මාසයක විතර කාලයක ඉඳලා තමා දොස්තර මහත්තයෝ මේ කරදරේ පටන්ගත්තේ. එදා ඉඳන් අදටත් රෑට අපිට නින්දක් නැහැ. දවල් රෑ කියා වෙනසක් නැහැ. වහලයට උන්නු ගමන් ගල් කැට වැටෙනවා. කොහෙන් ඒ ගල් කැට වැටෙනවද කියා අපිට හිතා ගන්න බැහැ. මේ සිද්ධිය ආරංචිවෙලා ගෙදරට බලන්න එන අහල පහළ උදවිය ළඟටත් එක පාරටම ගල් වැටෙන අවස්ථා තිබෙනවා. ඒ ගොල්ලොත් එතකොට බය වෙනවා. මේ භූත කරදරේ හින්දා මට රස්සාවට යන්න විදිහකුත් නැහැ.” යැයි ගෙදර සිදුවන බව කියන අද්භූත සිද්ධීන් ගැන එකිනෙක අපිත් එක්ක කියන්නට පටන් ගත්තේය.
ගෙදර තවත් අද්භූත දේවල් සිදුවෙනවා කිව්වනේ. ඒ විස්තරත් අපිත් එක්ක කියන්න යැයි වෛද්‍යදවරයා කීවිට නිවෙස් හිමියා ඒ විස්තරද කියන්නට විය. 
බත් උයලා තියන මුට්ටියට වැලිදාලා තියෙනවා. කුස්සියේ තියන එළවළු හා ලූනු ගෙඩිය මිරිස්කරල් ටික පවා උන්නු ගමන් එළියට විසිවෙනවා. මගේ ඩ්‍රයිවින් ලයිසන් එක සල්ලි කොළ පවා මේ විදිහට එළියට විසිවෙලා තිබිලා පස්සෙ හොයා ගන්නවා. සමහර දවස්වලට බත් හැළියේ පැත්තක තියෙන බත් ඉදිලා. අනෙක් පැත්තේ තියෙන බත් ඉදිලා නැහැ. මේවා කොහොම වෙනවාද කියා අපට හිතාගන්න බැහැ. අපි බලාගෙන ඉද්දි ලූනු ගෙඩි මිරිස් කරල් උඩින් පාවෙලා ගිහින් බිම වැටෙනවා. ගෝවා ගෙඩි ලීක්ස් ගස් වගේ එළවළු වර්ග දෙහි ගෙඩි පවා මේ විදිහට එකපාරටම කුස්සියේ තිබිලා එළියට විසි වෙනවා.
මගේ යහළුවෝ කට්ටියකට මේ අද්භූත දේවල් ගැන දැන ගන්න ලැබිලා. පසුගිය දවසක අපේ ගෙදර ආවා. රෑ 12.00 විතර පහුවෙනකම් හිටියා. ඒත් එදා වෙනදාට සිද්ධවෙන කිසිම දෙයක් වුණේ නැහැ. 
“මචාං උඹලා බොරුවක් කරන්නේ. කෝ ඉතිං භූතයෝ කරනවා කියාපු කිසිම දෙයක් අපි දැක්කේ නැහැනේ කියා බැණ වදිමින් මහ පාරට යන්න අපේ ගෙදර ඉඳලා පඩි පෙළ දිගේ කන්ද පහළට බැහැගෙන ගියා. එක පාරටම ඒ බැහැ බැහැ ගිය මගේ යහළුවෝ ඉන්න පැත්තට ගල් කැට කිහිපයක් වැටිලා. ඒ විතරක් නෙමේ මහත්තයෝ ඒ ගොල්ලෝ ආපු එක ත්‍රීවිල් එකක වහලයේ උඩ තරමක ලොකු ගලක් පතිත වෙලා තිබුණා. අපේ ගෙදර ආපු මගේ මිත්‍රයෝ හොඳටම බයවෙලා තමා යන්න ගියේ. මේ සිද්ධියෙන් පස්සෙ කිසිම කෙනෙක් ගල් ගහන්නේ නැහැනේ කියා බනින්න යන්නේ නැහැ.

ගෙදරට ගල් ගහන්න පටන් ගත්තු මුල් දවස්වලම ඉවසාගෙන ඉන්න බැරිම තැන මමත් ගහපිය යකෝ ගල් කියා බැන්නා. එහෙම බැනලා ටික වෙලාවයි ගියේ මෙන්න වහලයට එක දිගට ගල් වැටෙන්න පටන් ගත්තා. මම බැගෑපත් වුණාට පස්සෙ තමා ගල් වහලයට වැටෙන එක නතර වුණේ. අදටත් මම ගල් වැටෙන්නේ නැහැනේ කියා කිව්වාම ගල් වැටෙන්න පටන් ගන්නවා.” යැයි නිවෙසේ අයිතිකරු කීය.

6


මේ කතාව අසා අපිත් සමඟ සිටි ඔහුගේ පවුලේ සාමාජිකයින්ද කිසියම් බියකට පත්ව ඇති බවත් තැති ගැන්මකට ලක්වූ බවත් දැන ගැන්මට ලැබුණේ ඔවුන් කළ කතා බහෙන්ය.

වහලය මතට ගල් වැටෙන්න කියා භූතයාගෙන් ඉල්ලීමක් කරන ලෙස වෛද්‍යවරයා ද මාත් අපේ ඡායාරූප ශිල්පියාත් නිවසේ අයිතිකරුගෙන් ඉල්ලීමක් කළේ එහෙම දෙයක් සත්‍යවශයෙන්ම සිදුවෙත්ද කියා ඇස්පනාපිටම දැක බලා ගැනීමට අපේක්ෂාවෙනි. 

අපේ ඉල්ලීම පිළිගත් නිවෙසේ අයිතිකරු මේ මහත්වරු කට්ටියක් ඇවිත් ඉන්නවා භූත බලවේගයේ ඇත්ත නැත්ත බලාගන්නයි. ඒ මහත්වරු ඇවිත් ඉන්නේ. ඒ හින්දා දැන් ගල් ගසා පෙන්වන්න යැයි කියා ඔහු කිහිපවරක්ම ඉල්ලා සිටියේ අහසට දෑත්ද දිගු කරමින්ය.

අප පමණක් නොව අපත් සමඟ සිටි නිවෙස් හිමියාගේ සමීපතමයින් පිරිසද දෑස් අයා බලාගෙන හිටියේ දැන් ගල් වැටෙයි යැයි කියා නිවෙසේ වහලය දෙස බලාගෙනය.

ඒත් ගල් කැටයක් තියා වැලි කැටයක්වත් වැටෙන හඬ අප කිසිම කෙනෙකුට නම් ඇසුනේ හෝ දක්නට ලැබුණේ නම් නැති බව විශේෂයෙන්ම සඳහන් කළ යුතු වන්නෙමු.

ගල්ගසා පෙන්වන ලෙස ඉල්ලමින් නිවෙස් හිමියා ගේ වටේ දෙතුන්වරක් ගියත් කිසිම වැඩක් නම් වුණේ නැත.

හරිම පුදුම වැඩක්නේ අද සිද්ධ වුණේ වෙනදාට මෙච්චර කිය කියා ඉන්න ඕනෑ නැහැනේ. මගේ කටෙන් වචනය පිටවුණු ගමන් ගල් වහලයට වැටෙන්න පටන් ගන්නවා. පිට කට්ටියක් ආපු නිසා භූතයා බයවෙලාද දන්නේ නැහැ. යැයි කියමින් නිවෙස් හිමියාද සිනා සුනේය. 

ඔරලෝසුවේ වේලාව බැලුවෙමි. එතකොට වේලාව මධ්‍යම රාත්‍රි 12.00 පසුවී ගතවී තිබුණේ විනාඩි දහයක පමණ කාලයකි. 

මහත්තයෝ සමහර දවස්වලට ගේ ළඟට වවුලෙක් දෙන්නෙක් එනවා. උන් ගේ ළඟට ඇවිත් ගියාට පස්සෙත් ගල්වැදුණු අවස්ථා පසුගිය දවස්වල තිබුණා. යනුවෙන්ද නිවෙසේ අයිතිකරු අපිත් එක්ක කියා සිටියේය.

අප නිවෙසට පැමිණි පසු අවස්ථා ගණනාවකදීම නිවෙස වටා වවුලන් දෙතුන් දෙනෙක් ඉගිල ගියත් ගල් වැටීමක් නම් සිද්ධ වුණේ නැත. 

ඒ බවට අපිත් එක්ක සිටි ඒ පළාතේ පිහිටි ප්‍රාදේශීය සභාවක රාජකාරි කර විශ්‍රාම ලබා සිටි නිලධාරි මහත්තයා ඇතුළු අසල්වාසීන් පිරිසද සාක්කි දරනවා ඇත.

ගෙවත්තේ රඹුටන් ගස් කිහිපයක් තිබෙන අතර වවුලන් ඒවායේ ටික වේලාවක් වසා ඉඳ ආපසු ඉගිල යන අන්දම දුටු මම ඒ ගැන නිවසේ අයිතිකරුගේ අවධානයට යොමු කළෙමි.

අද නම් පුදුම වැඩක් සිද්ධ වුණේ වවුලෝ ගේ ළඟට ඇවිත් ගියත් ගෙදර වහලයට ගල් වැටුණේ නැහැනේ කියා නිවෙස් හිමිකරු කිව්වේ ඒ ගැනද විමතිය පළ කරමිනි.  

මහත්තයලා ගෙදරට එන්න පැය 1/2 කට විතර කලිනුත් වහලය උඩට ගල් වැටුණා. ඒ විතරක් නෙමේ අද උදේත් ගල් කැට කිහිපයක් වැටුණා. බොරුනම් මේ බලන්න එහෙම වැටුණු ගල් කිහිපයක් කියා නිවෙස් අයිතිකරු එකතු කරගෙන සිටි ගල්කැට කිහිපයක්ද අපට පෙන්නුවේය. දැන් දවස් දෙක තුනකට විතර ඉස්සරවෙලා දවසක රෑක 7.30 ඉඳලා පැයක් විතර එක දිගට ගල් වහලය මතට පතිතවූ බව පවසමින්ය.

නිවසේ වහලයට සෙවිලිකර තිබුණේ ටකරන් තහඩුය. තහඩු උඩ තිබූ කුඩා ප්‍රමාණයේ ගල් කැට කිහිපයක්ම ඔහු වහලයේ මතට නැග ඒවා අතට අරගෙන පෙන්වීය.

සිමෙන්තියෙන් තැනූ තරමක් ලොකු බ්ලොක් ගල් තොගයක් නිවසේ ඉස්තෝප්පුවේ පැත්තක ගොඩකර තිබෙනු දුටු මම මේ ගල් කැට වලින් භූතයා කාටවත් එහෙම ගසා නැත්දැයි කියා විමසුවෙමි.

නැහැ මහත්තයා ඔය ගල්කැට උස්සලා ගහලා තියා ඒවා පාවෙලා යනවාවත් අපේ ගෙදර කිසිම කෙනෙක් අද වෙනකම් දැකලා නැහැ යැයි නිවෙසේ අයිතිකරු කියා සිටියේය. 

ගෙදර තියෙන රූපවාහිනිය, පුටු මේස වාගේ කෙනෙකුට ලෙහෙසියෙන් පහසුවෙන් උස්සන්න අමාරු බඩු මුට්ටුත් ඔය ගොල්ලෝ කියන විදිහට එකපාරටම ගෙයින් එළියට විසිවෙලා ගිහින් නැත්දැයි කියා විමසා සිටි අවස්ථාවේදී නිවෙසේ අයිතිකරු කිව්වේ ඒ වාගේ බඩු මුට්ටුත් කිසිම දවසක මේ වෙනකම් එළියට විසිවී ගොස් නොතිබූ බවය.

නිවෙස්වල අරක්ගෙන ඉන්නවා යැයි ඇතැමුන් විශ්වාස කරන භූතයින්ට කෙනෙකුට පමණක් ලෙහෙසියෙන් පහසුවෙන් ඉස්සීමට හැකියාවක් නොමැති බව අප මේතාක් කල් කළ ගවේෂණවලදී හෙළිවී තිබෙන බවත් මෙයින්ම පැහැදිලිවම පෙනී යන්නේ මේවා භූතයන්ගේ ක්‍රියාකාරකම් නොවන බවත් වෛද්‍ය ජනක ජයසූරිය මහතා රැස්ව සිටි අයට පැහැදිලි කර දුන්නේය.

මේ වගේ දේවල් හැම දෙයක් පසුපසම මිනිස් ක්‍රියාකාරිත්වයක් තිබෙන බව වෛද්‍යවරයා පෙන්වා දුන්නේ මේ වගේ දේවල් සිදුවන නිවාසවලට ගොස් කරන ලද ගවේෂණවලදී හෙළිකරගත් තොරතුරු කිහිපයක් ගැනද උදාහරණ වශයෙන් ගෙනහැර දක්වමින්ය.

භූතයන්ට පුළුවන්කම තියෙන්නේ පොඩි පොඩි සැහැල්ලු දේවල් වලින් දමා ගහන්න විතරයි. ඇයි භූතයන්ට බැරි කෙනෙකුට පමණක් පහසුවෙන් ඉස්සීමට බැරි බර බඩු මුට්ටු විසිකරන්න පුළුවන්කමක් නැහැ. ඒකෙන්ම තේරෙනවා මේවා භූතයන්ගේ වැඩනොවන බව ද වෛද්‍යවරයා රැස්ව සිටි අය සමග කියා සිටියේ සිහි නුවනින් යුතුව මේ ගැන පොඞ්ඩක් සිතා බලන ලෙස ද ඉල්ලීමක් කරන අතරවාරයේය. 

දිගින් දිගටම සිද්ධවෙන මේ දේවල් නිසා අපි බැරිම තැන කට්ටඬියෙක් මාතරින් ගෙන්වා ලොකු තොවිලයක් කළා. තොවිලය කරන්න කලින් කට්ටඬියා අපේ ගෙදර දෝෂ පරික්ෂා කර බලන්න ආවා. මේ ගෙදර පදිංචියට ආවට පස්සේ ගෙදර හිටිය කෙනෙක් මියපරලොව ගියාද කියා ඇසුවා. අපි නැහැ කියා කිව්වා. ඊට පස්සේ අඳුනක් බලා කිව්වා මීට අවුරුදු 157කට විතර කලින් මේ ගමේ සරදියෙල් කියලා කෙනෙක් ඉඳලා තියෙනවා. ඒ සරදියෙල් මළ පෙරේතයෙක් වෙලා ඇවිත් තමා මේ විදිහට අපේ ගෙදරට කරදර කරන්නේ කියා.

සරදියෙල් කියන්නේ අපේ කවුද කියා මම ඇහුව්වම කිව්වා අපි පදිංචි ඉඩම් කෑල්ලත් එක්ක අනිත් ඉඩම් කෑලි සේරම ඒ කාලේ මේ විදිහට බෙදලා වෙන් කරලා තිබිලා නැහැ. මේ ඉඩම බලාගන්න අයිතිකාර මහත්තයා පත්කරලා හිටිය කෙනා තමා සරදියෙල් කියන්නේ. මේ මනුස්සය ඉඩම්වලට ආශාවෙන් මැරිලා තියෙන්නේ. ඒ නිසා තමා මේ විදිහේ කරදර වෙන්නේ කියා අඳුන බලා කිව්වා. සරදියෙල්ගේ භූතාත්මය විතරක් නෙමේ එයා වගේ තවත් භූතයෝ 27ක් මේ ගෙදරට බැල්ම හෙළා ගෙන ඉන්නා බවත් කට්ටඬියා කිව්වා. අපි හොඳටම මේ කතාව අහලා බයවුණා. ඊට පස්සේ තොවිලයක් කරලා ගෙදර හිටිය භූතයෝ අල්ලා ගැටගසා බෝතලයකට දැම්මා. ඒ බෝතලය අපේ ගමේ ඉඳලා කිලෝ මීටර් 15ක් විතර ඈතින් තියන කුඹුරකට ගෙනගොස් වළ දැම්මා. 

තොවිල් තුනක්ම අපේ ගෙදර කළා. ඒත් කිසිම වැඩක් වුණේ නැහැ. පෙර පරිදිම අපේ ගෙදර තිබුණ කරදර පැවතුණා. තොවිල්වලට ලක්ෂ 2ක් විතර වියදම්වෙලා තියෙන්නේ. ඒ නිසා ණය තුරුස් වෙලා ඉන්නේ. ගෙදර හතර වටේ මන්තර මතුරපු නූල් ඇද තියෙනවා. මහත්තයලත් ඒවා දැක්කානේ. අවස්ථා කිහිපයකදීම ඒ නූල්පවා භූතයා කඩා දමා තිබුණා.

එකතොවිලයක් කරන දවසේ වෙච්ච අද්භූත සිද්ධියක්ද නිවසේ අයිතිකරු අපිත් එක්ක කියා සිටියේ මේ අන්දමින්ය.

තොවිලය බලන්න ආපු මගේ යහළුවෝ කට්ටියක් අරක්කු බෝතල් සෝඩා බෝතල් කිහිපයක් ගෙනත් බිව්වා. ඉතිරි වෙච්ච එක අරක්කු බෝතලයකුයි සෝඩා බෝතලයකුයි ගෙවත්තේ තිබුණු වැලි ගොඩක් අස්සේ පස්සේ බොන්න කියා හංගලා. ඒ අරක්කු බෝතලයයි සෝඩා බෝතලයයි පස්සේ බලද්දි මිදුලේ වැටිලා තිබිලා හම්බ වුණා. පුදුම වැඬේ කියන්නේ ඒ බෝතල් දෙකම හිස් වෙලා. කට්ටඬියා කිව්වේ මේකත් භූතයාගේ වැඩක් කියා.

මේ වත්තේ තියන අනිත් ගෙවල්වලට මේ වගේ දේවල් සිද්ධ නොවන බව නිවෙසේ අයිතිකරු කියා සිටියේ වෛද්‍යවරයා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. 
සරදියෙල් කියා කෙනෙක් මීට අවුරුදු 157කට විතර කළින් මේ මුළු වත්තම බලාගත්තානම් මේ ගෙදරට විතරක් භූතයෙක් වෙලා ඇවිත් කරදර කරන්නේ මොකද කියන එකෙන්ම මෙහි කිසිසේත්ම ගුප්තමය නොවන සැඟවුණු රහසක් තිබෙන බවට කදිම සාධකයක් බව වෛද්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
මම මේ උත්සාහ කරන්නේ ඒ සැඟවුණු රහස සොයාගන්න තමායැයි වෛද්‍ය ජනක ජයසූරිය මහතා පැවසුවේය.

බත් ඉව්වාම පැත්තක් ඉදෙනවා. අනිත් පැත්ත ඉදෙන්නේ නැහැ කියා කිව්වානේ. අපි හාල් ටිකක් ලිපේ තියලා බලමුද එහෙම දෙයක් ඇත්තටම වෙනවද කියා යැයි වෛද්‍යවරයා නිවසේ අයිතිකරුගෙන් ඉල්ලීමක් කළේය.

නිවෙස්හිමියා එක්වරම කියා සිටියේ දොස්තර මහත්තයා තොවිලේ කළාට පස්සේ බත් හොඳට ඉදෙනවා. දැන් ඒ වගේ ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ යැයි කියාය. 

මේ නිසා අපට ඒ පරීක්ෂණය කර බැලීමට නොහැකි විය.

ගමේ කිසිම කෙනෙකුට කරදරයක් හිරිහැරයක් නොමැතිව ජීවත්වන මේ උදවියට සිදුව ඇති කරදරය ගැන අසල්වාසීහුද කම්පාවට පත්ව සිටිති. 

ගමේ සමහරුන්ගේ මතයවී ඇත්තේද මෙය අත්භූත ක්‍රියා නොවන බවය. 

නිවෙස් හිමියා හා ඔහුගේ ගෙදරට පැමිණ සිටි අසල්වාසීන් කිහිපදෙනා එක්ක අප නිවෙස ඉදිරිපස කතාබහ කරමින් සිටිය අතරවාරයේ ගලක් වහලය මත පතිත විය.

මම ඒ එක්කම වෙලාව බැලූ අතර රාත්‍රී 11.00 පසුවී ගතවී තිබුණේ විනාඩි පහක තරම් කාලයකි.

ඊට පස්සේ හෝරා දෙකකට කාලයක් අපි ඒ නිවෙසේ ගත කළත් කිසිම ගලක් වහලය මතට පතිතවූයේ නැති අතර කුස්සියේ හෝ ගෙයි ඇතුළේ තිබුණ කිසිම දෙයක් එළියට විසිවුණේද නැත.

නිවසේ අයිතිකරු ඔහුගේ බිරිය හා අවුරුදු 13ක තරම් වයසේ පසුවන දරුවාද එක්ක වෛද්‍යවරයා වෙන වෙනමත් ඔවුන් තිදෙනා සමඟ එකටත් සෑහෙන වෙලාවක් කතා බහ කළේ අවශ්‍ය විස්තර දැන ගැනීමටය.

පුතා හරිම දඩබ්බරයි. මම කියන කිසිම දෙයක් අහන්නේ නැහැ. කුණුහරුප කියා බනිනවා. හරියට තරහා යනවා. තරහ ගිය සමහර අවස්ථාවලට ඉගෙන ගන්න පොත් පත් පවා ඉරලා විසිකරනවා. එයාගේ තාත්තා කියනදේ විතරයි අහන්නේ. හරිම ඇට්ටර කොල්ලා. හැබැයි ගෙදරට භුතයෙක් ඇවිත් මේ වගේ දේවල් කරන්න පටන් ගත්තාට පස්සෙ පුතා මට හරිම ලෙන්ගතුයි. ආදරෙයි. මට ගහන්න බනින්න යන්නේ නැහැ. දැන් පුතාට මාව නැතිව ඉන්නට බැහැ. මම හැම තිස්සෙම පුතා ළඟටවෙලා ඉන්න ඕනෑ. මේ වැඩෙන් පුතා හොඳ යහපත් ළමයෙක් වුණා. ඒ ගැන නම් මට හරිම සතුටුයි කියා නිවසේ අයිතිකරුගේ බිරිය වෛද්‍යවරයා එක්ක කීවාය.

හෝරා කිහිපයක් තිස්සේ වෛද්‍යවරයා නිවසේ ගතකර අවසානයේ ගෙදරට ගල් ගසන සමහර දේවල් එක්වරම එළියට විසිකරන භූතයා කවුද කියන එක හෙළිදරව් කර ගන්නත් ගෙදර අයට ඒ කවුද කියන එක එක්වරම කියන්නට ගියේ නැත්තේ බොහෝ දුර දිග සිතා බැලීමෙන් පසුවය.

එකම එක්කෙනෙකුට පමණක් වෛද්‍යවරයා ඒ ගැන පවසා සිටීමට අමතක කළේ නැත.

වෛද්‍යවරයාගේ විග්‍රහය ද මේ සමගම පළකර ඇති නිසා ඒහා සම්බන්ධ කරුණු කාරණා ගැන මීට වඩා කියන්න අවශ්‍ය ද නොවේ.


භූතයා කවුරුන්දැයි අප සොයා ගත්තා


භූතයින් විසින් කරනවා යැයි කියන නිවෙස්වලට ගල් ගැසීම්, වැලි විසිකිරීම්, බත්මුට්ටියට වැලි දැමීම, රෙදි ඉරා දැමීම, කපා දැමීම හෝ පුළුස්සා දැමීම නිවෙස් තුළ ඇති භාණ්ඩ එහා මෙහා කිරීම ආදී ක්‍රියාවන් සිදුවූ අවස්ථා ගණනාවක් අප විසින් අධ්‍යනයකොට තිබෙනවා.
Rasavitha-5.qxd
මේ සෑම අවස්ථාවකම මේ සිදුවීම් කරන්නේ කවුරුන් හෝ ජීවමාන අයකු විසින්මය. යන්නද අප විසින් තහවුරු කරගෙන තිබෙනවා. කිසියම් ආර්ථික හෝ මානසික හෝ සමාජයීය ගැටලුවක් හමුවේ විශාල වශයෙන් තෙරපුමකට ලක්වූ අයෙක් තමයි බොහෝවිට මෙවැනි දේවල් කර තිබුණේ. කලාතුරකින් තවත් කෙනෙකුගේ ඉගැන්නුම් බහට අවනත වී මෙවැනි දේවල් සිදුකළ අවස්ථාද තිබුණා. 

එහෙත් තමන්ගේ ගෙදර කෙනෙක් තමන්ව මේ තරම් ප්‍රශ්න රැසකට මැදි කරවමින් මෙවැනි “භූත ක්‍රියා” කරනවා යැයි කියා පිළිගන්නට කෙනෙක් මැළිවන්නට පුළුවන්. මේ නිවසේ ද සිදුවූ සිදුවීම් පෙළ පරෙස්සමින් විශ්ලේෂණය කළවිට මේ ක්‍රියාවන් පසුපස ඇත්තේ කාගේ ජීවමාන හස්තය දැයි අපට වැටහී ගියත් එය එකවරම හෙළි කිරීම තුළ පවුල් ආරවුලක් ඇතිවිය හැකි බව අපට පෙනී ගියහ.

මෙසේ භූත ක්‍රියා සිදුකරන අය ඉතා සූක්ෂම ආකාරයට ඒවා කිරීම නිසා බොහෝවිට ගෙදර අනෙක් අයට එය එකවර ග්‍රහණය කරගන්නට බැහැ. මෙවැනි සිදුවීමක් සිදුවූ වහාම බොහෝ දෙනෙකු ඒවා භූතයන්ගේ (මියගිය කෙනෙකුගේ) ගිණුමකට බැර කරනවා. අනතුරුව ඒ අදහස තහවුරු වන තුරුම ශාස්ත්‍රකරුවන් පසුපස යනවා. ශාස්ත්‍රකරුවන්ද මෙවැනි අසරණයන්ගේ එම අසරණකම යොදාගෙන ඔවුන්ගේ හිතට තවත් මිත්‍යා දෘෂ්ටික අදහස් ඇතුළු කරනවා. අවසානයේ ඒ මිනිසුන් තොවිල් පවිල් ඇතුළු විවිධ යාගහෝම සඳහා තමන්ගේ ධනය හා කාලය නිකරුණේ වියදම් කරනවා. සාමාන්‍යයෙන් මෙවැනි භූත ක්‍රියා සිදුවන නිවෙස්වල නිවැසියන්ට අත්වන ඉරණම එයයි. 

ඒ නිසා ගෙහිමියාට වෙනමම කරුණු පැහැදිලි කරදී ඔහුට මෙවැනි ගුප්ත දේ පසුපස ගොස් තවදුරටත් මුදල් නාස්ති නොකර බුද්ධියෙන් මේ ප්‍රශ්නයට මුහුණ දීමේ අවශ්‍යතාවය පෙන්වා දුන් අතර ඔහු ඉතා තදින්ම මේ අදෘෂ්‍යමාන බලවේග විශ්වාස කරන්නෙක් බව අපට පෙනී ගියා. 

මෙවැනි සිදුවීමක් ගමේ නිවෙසක සිදුවන විට අහළ පහළ බොහෝ දෙනකු එම ගෙදරට එක්රැස් වුවත් ඔවුන්ගේ අවධානය බොහෝවිට යොමු වන්නේ නිවස අවට වටපිටාව දෙසටයි. මේ නිවස අසල ද ඇතැමුන් රැකවල්ලා සිටියත් වහලයට ගල් වැටීම නොකඩවා සිදුවුණේ ඒ දේ කළේ නිවසේම අයකුවීම නිසායි. මමත් ශ්‍රීනාත් මහතාත් කමල් මහතාත් “භූතයාට” ගලක් අහුලා ගැනීමට ඉඩක් නොතබා රැකවල්ලා ගෙන සිටියත්, අප විසින් ලබාදුන් ඉතා සුළු ඉඩක් තුළ එකම එක ගලක් වහලයට විසි කරන්නට “භූතයා” සමත් වුණා. භූතයා කවුරුන්දැයි අප ඔවුන්ගේ පවුලේ ඉතාම සමීපතම අයකුට පැවසුවේ මේ ක්‍රියාව නවතාගැනීමට එය පිටිවහලක් වනු ඇතැයි සිතූ නිසයි.

මේ වැනි අවස්ථාවක් බැලීමට යන අය ඇතැම් විට මුදල් ආධාරද, ගෙවැසියන්ට ලබා දෙනවා. ඇතැම්විට මේවා නිසාද “භූතයා” දිගින් දිගටම මේ වැඬේ කරන්නට ඉඩ තිබෙනවා. 

මේ නිවෙසේ වැඩිමහළු දරුවා තරමක් දඩබ්බර ගති ඇති අයකු බව මව මා සමග පැවසුවා. එහෙත් භූතයා ගල් ගැසීමට පටන් ගැනීමත් සමගම ඔහු තමන් සමඟ වෙනදාට වඩා කුළුපග බවත් තමන් නැතිව තනියෙන් නිවසේ සිටින්නේ නැති බවත් ඇය පැවසුවා. එම මව සමග මා බොහෝ වෙලාවක් කතා කරමින් (නිවස තුළ මෙන්ම එළියේදීත්) සිටි අතර ඒ කාලය තුළ එකදු ගලක් හෝ නොවැටීම විශේෂ කරුණක්.

m


ඔබ ශ්‍රී ලාංකීය පුරවැසියෙකු නම් අනිවාර්යෙන් ජීවිතයේ එක වරක් හෝ ඔබට රාජ්‍ය සේවය ලබාගැනීමට සිදු වෙයි. ඉතින් මෙම ලිපිය ඔබට සෑම දිනකම වටිනාකමක් නැති වුවත් ඔබට යම් යම් අවස්ථාවන්හි වැදගත් වෙයි..

රාජ්‍ය සේවය කියන්නේ ලංකාව තුල ජීවත්වන අප සැමට ජීවිතයේ යම් යම් අවස්තාවලදී  අත්‍යවශ්‍ය වන සේවයක්. ඉතින් මේ රාජ්‍ය සේවය ලබා ගැනීමට යන සාමාන්‍ය පුද්ගලයෙකුට මුහුණ පාන්න දෙන අමිහිරිතම අත්දැකීම තමයි අනවශ්‍ය කාලයක් වැය  වෙමින් රස්තියාදු වීමට සිදු වීම.
ඉතින් ඔබ අප හොදාකාරවම දන්නවා. මේ ඉහත කී හේතුව නිසා බොහෝ දෙනෙකු රාජ්‍ය සේවය ගැන දරන්නේ අයහපත් ආකල්පයක්.ඒ  වගේම යම් රාජ්‍ය සේවයක් ලබා ගැනීමට  එක වරක් හෝ ගිය අයෙකු ඒ ගැන අදහස් දක්වන්නේ මැසිවිලි ස්වභාවයකින්.
"අපෝ... වැඩක් කරගන්න ගියාම පෝලිම් ගානේ ඉදල අතනටයි, මෙතනටයි යන්න ඕනේ. එහෙම එහෙ මෙහෙ යනකොට පය ගණන් ගිහින්. ඊට පස්සේ කියයි Lunch Time , Tea Time  කියලා.. ඊට පස්සේ තව පැයක්  හමාරක් පෝලිමේ ඉන්න ඕන , ඒ කරලත් සමහර වෙලාවට අයෙත් එන්න ඕන. අපේ කාලයයි මහන්සියි මේ වෙනුවෙන් අපතේ යනවා.."

ඉතින් මේ වගේ අවනඩු අසන්නට ලැබීම ලංකාව වගේ රටක සුලබ කාරණයක්. රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාවය හේතුවෙන් යම් යම් අවස්ථාවල ඔබව අපහසුතාවයට ලක් වීම වලක්වා ගැනීමට පහත කරුණු ඔබට බෙහෙවින් මහෝපකාරී වේවි. මන්දයත් ඔබ ලබා ගැනීමට යන සේවාව සම්බන්දව ඔබ දැනුවත් වීම තුලින් ඔබට වැයවෙන අනවශ්‍ය කාලය හා වියදමද අවම කර ගත හැකිය. ඒ වගේම එය රාජ්‍ය සේවකයින්ටත් පහසුවක් බවට පත් වේවි. එමගින් ඔබගේ කාර්ය ඉතා කාර්යක්ෂමව හා ඉක්මනින් සිදුවීමට හැකි වේවි.

එසේම මතක තබා ගත යුතු වධගත්ම කාරණය නම් බොහෝ අවස්ථාවල මේ පිළිබධව නිසියාකාරව දැනුවත්භාවය නොමැති පුද්ගලයින්ගෙන් යම් යම් ආකාරයෙන් අනවශ්‍ය ලෙස මුදල් ලබා ගෙන බොර දියේ මාළු බාමින් කට යුතු කරන කොමිස් කාක්කන්ගෙන් බේරී සිටීමටද මෙය බෙහෙවින් ඉවහල් වේවි.

ඉතින් ඔබත් ලාංකික පුරවැසියෙකු නම් අනිවාර්යෙන්ම ජීවිතේ එකදු අවස්තාවක හෝ  රාජ්‍ය සේවයක් ලබා ගැනීමට යාමට සිදුවනු නොවනුමානය. එම නිසා මෙම ලිපිය ඔබට බෙහෙවින් වැදගත් වේවි. එසේනම් මෙය හැකි තරම් ශෙයාර්  කර අනිත් ය හැකි තරම් දැනුවත් කරන්න...


කවදා හරි ඕනෑ වෙයි....


රජයේ ආයතනයකට ගියහම අවශ්‍යතාවය ඉටුකරගන්න අමාරුයි... බොහෝ විට රජයේ සේවකයින් සුහදශීලි වෙන්නේ ද නෑ. විටින් විටි විවිධ ලිපි ලේඛන ඉල්ලනවා. ඔබ ඔබගේ අවශ්‍යතාවය ඉටුකර ගැනීමට අනුගමනය කළ යුතු කි‍්‍රයාදාමය පිළිබඳව මූලික දැනුමක් ලබා තිබුණේ නම් ඔබගේ රස්තියාදුව අවම කරගන්න පුලූවන් වෙයි. පහත දක්වා ඇත්තේ අවශ්‍යතා කීපයක් ඉටුකර ගැනිමට අවශ්‍ය කරන ලේඛන ලැයිස්තුවක්. ටිකක් අවධානය යොමු කළාට වරදක් නෑ කවද හරි ඕනෑ වෙයි.

උප්පැන්නයක නමක් ඇතුළත් කිරීම හෝ වෙනස් කිරීම / වාසගම වෙනස් කිරීම

1. ඉල්ලීම් ලිපිය
2. අදාල අයදුම්පත
3. අයදුම්පත ඉදිරිපත් කළ යුතු ආකාරය
⋆ වයස අවු. 21 ට අඩු නම් මව/පියා/භාරකරු විසින්
⋆ වයස අවු. 21 ට වැඩි නම් ඉල්ලූම්කරු විසින්
4. වයස අවුරුදු 7 ට අඩු අය වෙනුවෙන් අයදුම්පත සමග මව/පියාගේ විවාහ සහතිකය ඉදිරිපත් කිරීම ප‍්‍රමාණවත් වේ.
5. වයස අයු. 7 ට වැඩි අය සංශෝධනයට ඉල්ලා සිටින නම භාවිතා කළ බවට පහත සාධක හැකි තරම් ඉදිරිපත් කරන්න.
⋆ ශිෂ්‍ය කාර්ය දර්ශකය
⋆ ග‍්‍රාමනිලධාරි වාර්තාව (ප‍්‍රා.ලේ. අනු අත්සන් කළ යුතුය)
⋆ සහෝදරයන්ගේ නම් හා උප්පැන්න සහතික ලැයිස්තුව (වාසගම වෙනස් කිරීමකදී නම්)
⋆ දිව්රුම් ප‍්‍රකාශය
⋆ ඡුන්ද නාමලේඛනය උද්ධෘතයක්
⋆ පුවත්පත් දැන්වීම්
⋆ විවාහක නම් විවාහ සහතිකය හා දරුවන්ගේ උප්පැන්න සහතික
⋆ බැංකු ගිණුම් පොතක්
⋆ ඔප්පු (සංශෝධනය කළ යුතු නම සදහන්)
⋆ ජාතික හැදුනුම්පත
⋆ අදාල වේන ලියකියවිලි

[ads-post]


උප්පැන්න / මරණ / විවාහ සහතික පිටපත් ලබා ගැනීම


1. අදාල ඉල්ලූම්පත
2. ලියාපදිංචි කළ දිනය / සහතිකයේ අංකය නිවැරදිව දන්නේ නම් රු. 5 බැගින් වූ මුද්දර
3. අමතර පිටපතක් අවශ්‍ය වන්නේ නම් එක් පිටපතකට අමතරව රු. 5 ක මුද්දර (එක ඉල්ලූම්පතක් සදහා නිකුත් කරනු ලබන්නේ පිටපත් 03 ක් පමණි.) සියල්ල සම්පූර්ණ නම් දිනක් ඇතුළත ලබා දිය හැක.
4. ලියාපදිංචි කළ දිනය / සහතිකයේ අංකය නිවැරදිව නොදන්නා විට,
⋆ මාස 03 ක කාලයක් පොත් පරීක්ෂා කිරීම සදහා එක් පිටපතක් සදහා රු. 10 ක මුද්දරයක්
අමතර පිටපත් සදහා එක් පිටපතකට රු. 5 බැගින් වූ මුද්දර (එක් ඉල්ලූම්පතක් සදහා නිකුත් කරනු ලබන්නේ පිටපත් 03 ක් පමණි.)
⋆ වර්ෂ 02 ක කාලයක පොත් පරික්ෂා කිරීම ස`දහා එක් පිටපතක් සදහා රු. 20 ක මුද්දරයක්
අමතර පිටපතක් සදහා එක් පිටපතකට රු. 5 බැගින් වූ මුද්දර
(එක් ඉල්ලූම්පතක් සදහා නිකුත් කරනු ලබන්නේ පිටපත් 03 ක් පමණි.)


උප්පැන්න සහතිකයට පියාගේ / මවගේ තොරතුරු ඇතුළත් කිරීම

1. ඉල්ලීම් ලිපිය
2. අදාල අයදුම්පත
3. උප්පැන්න සහතිකය
4. පියාගේ / මවගේ උප්පැන්න සහතිකය / හිස් ප‍්‍රතිඵල ලේඛන
5. දෙමාපියන්ගේ විවාහ සහතික
6. ග‍්‍රාමනිලධාරිගේ සහතිකය
7. දිව්රුම් ප‍්‍රකාශය


කල්ගිය උපතක් ලියාපදිංචි කිරීම

1. ඉල්ලීම් ලිපිය
2. අදාල අයදුම්පත
3. උපත ලියාපදිංචි වී නොමැති බවට හිස් ප‍්‍රතිඵල ලේඛනය
4. ළමයාගේ දෙමාපියන්ගේ විවාහ සහතිකය
5. අදාල ළමයාට වැඩිමල් හා බාලදරුවන්ගේ උප්පැන්න සහතික
6. උපන් ස්ථානය පිළිබද ලිඛිත සාක්‍ෂි
7. ළමයාගේ හදහන
8. පාසල් ඇතුළත් කිරීමේ ලේඛනය / ශිෂ්‍ය කාර්ය දර්ශනය
9. අත් එන්නත් කාඞ්පත
10. උපන් දිනය සහතික කළ හැකි වෙනත් ලියවිලි
11. ග‍්‍රාමනිලධාරි වාර්තාව
12. කේන්ද්‍ර පිටපත පරීක්ෂා කිරීම සදහා රු. 30 ක මුද්දර
13. උපන් දිනය දන්නා බව ප‍්‍රකාශ කරන වගකිව යුතු දිව්රුම් ප‍්‍රකාශයක්

[ads-post]
මියගිය අයගේ බැංකු ගිණුම්වලින් මුදල් නිදහස් කිරීම

1. බැංකුව මගින් ලබාදෙනු ලබන මුද්‍රිත ආකෘති පත‍්‍රය
2. ඉහත ආකෘති පත‍්‍රයේ 4 පිටුවේ සාමදාන විනුසුරුවරයෙකුගේ සහතිකය
3. අංක 01 දක්වා වූ තොරතුරු නිවැරදි බවට ප‍්‍රදේශයේ ග‍්‍රාමනිලධාරි විසින් කරන ලද සහතිකය
4. අදාල බැංකු පොත
5. ඥාතිත්වය තහවුරු කිරීම සදහා වූ ලේඛන
6. මියගිය අයගේ මරණ සහතිකය
7. ඉල්ලූම්කරුගේ ජාතික හැදුනුම්පත
8. වෙනත්


මුල්වරට හැදුනුම්පතක් ලබා ගැනීම

1. පු. ලි. දෙ. වි/01 මුද්‍රිත ආකෘති පත‍්‍රය (ග‍්‍රාමනිලධාරි විසින් සපයනු ඇත.)
2. උප්පැන්න සහතිකයේ මුල් පිටපත හා එහි ඡුායා පිටපතක්
3. වම් කන පැහැදිලිව පෙනෙන පරිදි වර්ණ ඡුායාරූප 03 ක් (අනුමත ඡුායාරූප ශාලාවකින් ගත යුතුය)
4. නියමිත මුද්දර
වයස අවුරුදු 16 - 17 අතර නම් රු. 3/- ක මුද්දර
වයස අවුරුදු 17 ට වැඩි නම් රු. 13/- ක මුද්දර
5. රැකියාවක නියුතු නම් රැකියාව සනාථ කර ආයතන ප‍්‍රධානියාගේ ලබාගත් සහතිකයක්
6. පැවිදි අයෙක් නම් විහාරාධිපති හිමිගෙන් ලබාගත් සහතිකයක්
7. නිවසටම හැදුනුම්පත ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් ලිපිනය ලියූ මුද්දර ඇලවූ ලියුම් කවරයක් (රු. 35 ක මුද්දර)
8. වයස අවු. 20 ට වැඩි නම් පුද්ගලිකව ප‍්‍රාදේශිය ලේකම් හමුවිය යුතුය.
9. මෙම ගාස්තු කලින් කලට සංශෝධනය විය හැක.


හැදුනුම්පතක අනුපිටපතක් ලබා ගැනීම

1. පු.ලි.දෙ. වි/07 මුද්‍රිත ආකෘති පත‍්‍රය (ග‍්‍රාමනිලධාරි විසින් සපයනු ඇත.)
2. හැදුනුම්පත නැති වූ බවට අදාල පොලිසියේ කරන ලද පැමිණිල්ලේ සහතික කළ පිටපත (පොලිසියට යන විට රු. 10/- ක මුද්දර ද රැුගෙන යාමට කාරුණි වන්න)
3. පොලිසිය විසින් ලබාදෙන සහතිකය (පු.ලි.දෙ.වි/07 මුද්‍රිත ආකෘතියේ II පිටුවේ)
4. උප්පැන්න සහතිකයේ මුල් පිටපත (උප්පැන්න සහතිකය නොමැති නම් හිස් ප‍්‍රතිඵලය සටහන / දිව්රුම් ප‍්‍රකාශය / කේන්ද්‍ර පිටපත / දරුවෙකුගේ උප්පැන්න සහතිකයක් ඉදිරිපත් කර තමන්ගේ උපන්දිනය ඔප්පු කළ යුතු වේ.)
5. වම් කණ පැහැදිලිව පෙනෙන පරිදි වර්ණ ඡුායාරූප 03 ක් (අනුමත ඡුායාරූප ශාලාවකින් ගත යුතුය)
6. රු. 15/- ක මුද්දර
7. කලින් හැදුනුම්පතෙහි අංකය සොයාගත නොහැකි බවට දිව්රුම් ප‍්‍රකාශය
8. නිවසටම හැදුනුම්පත ගෙන්වා ගැනීම අවශ්‍ය නම් ලිපිනය ලියූ මුද්දර ඇල වූ ලියුම් කවරයක් (රු. 35/- ක මුද්දර)
9. කලින් තිබූ හැදුනුම්පත් අංකය නොදනී නම් ප‍්‍රාදේශිය ලේකම් හමු වී ප‍්‍රකාශයක් ලබා දිය යුතුය.


සංශෝධිත හැදුනුම්පතක් ලබා ගැනීම

1. පු.ලි.දෙ.වි./08 මුද්‍රිත ආකෘති පත‍්‍රය (ග‍්‍රාමනිලධාරි විසින් සපයනු ඇත.)
2. පැරණි ජාතික හැදුනුම්පත
3. උප්පැන්න සහතිකයේ මුල් පිටපත හා ඡුායා පිටපත
4. වම් කණ පැහැදිිලිව පෙනෙන වර්ණ ඡුායාරූප 03 ක්
(අනුමත ඡුායාරූප ශාලාවකින් ගත යුතුය)
5. පදිංචිය සහතික කිරීම සදහා ග‍්‍රාම නිලධාරි සහතිකය
6. රු. 15/- ක මුද්දර
7. රැුකියාවක නියුතු නම් රැුකියාව සනාථ කර ආයතන ප‍්‍රධානියාගෙන් ලබාගත් ලිපියක්
8. පැවිදි අයෙක් නම් විහාරාධිපති හිමිගෙන් ලබාගත් සහතිකයක්
9. නිවසටම හැදුනුම්පත ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් ලිපිනය ලියූ මුද්දර ඇලවූ කවරයක් (රු.35 ක මුද්දර)


කල්ගිය මරණයක් ලියාපදිංචි කිරීම

1. ඉල්ලීම් ලිපිය
2. අදාළ අයදුම්පත
3. මරණ ලියාපදිංචි වී නොමැති බවට හිස් ප‍්‍රතිඵල ලේඛනය
4. ග‍්‍රාමනිලධාරි සහතිකය
5. රෝහලක මිය ගියේ නම් රෝහල් මුල් ලේඛනයේ පිටපතක්
6. ශෝක ප‍්‍රකාශ / මරණ දැන්වීම් වැනි දෑ
7. මිනී පෙට්ටිය මිල දී ගත් රිසිට් පත
8. ආගමික වතාවත් කළ විහාරාධිපති හිමිගේ නම සහ ලිපිනය
9. මරණයට සහභාගි වූ අසල්වැසියෙකුගේ නම සහ ලිපිනය


මහජනාධාර මුදලක් ලබා ගැනීම (ඇදුම, භීතිය, හෘදරෝග, අපස්මාරය වැනි රෝග)1. ඉල්ලීම් ලිපිය
2. ඉල්ලූම්කරු විසින් අත්සන් කළ යුතු මුද්‍රිත ආකෘති පත‍්‍රය (සසේ/ම/ආ01)
3. ග‍්‍රාමනිලධාරි වාර්තාව (සසේ/ම/ආ02)
4. යම්කිසි රෝගයකින් පෙළෙන්නේ නම් ඒ සම්බන්ධ වූ වෛද්‍ය සහතිකය


විශේෂ රෝගාධාර මුදලක් ලබා ගැනීම (ක්‍ෂය රෝග, පිළිකා, ලාදුරු, තැලසීමියා)

1. ග‍්‍රාමනිලධාරිගේ නිර්දේශය සහිත ඉල්ලීම් ලිපිය
2. ඉල්ලූම්කරු විසින් අත්සන් කරන ලද එස්.එස්.ටී.බී./3 ආකෘති පත‍්‍රය
3. අදාළ රෝගයෙන් පෙළෙන බවට රජයේ රෝහලකින් නිකුත් කරන ලද වෛද්‍ය සහතිකය


ස්වේච්ඡුා සංවිධානයක් ලියාපදිංචි කිරීම

1. සංවිධානය ලියාපදිංචි කරන ලෙස විධිමත් ඉල්ලීම් ලිපිය
2. මහ සභා වාර්තාවේ සහතික කළ පිටපතක්
3. පැමිණීමේ ලේඛනයේ පිටපතක්
4. අරමුදල් පිළිබද විස්තර
5. පසුගිය හය මාසය තුළ ඉටු කළ සේවා පිළිබද විස්තර
6. ආධාර ලැබේ නම් ඒ පිළිබද විස්තර
7. සමිතියේ නිලධාරි මණ්ඩලය පිළිබද විස්තර
8. බැංකු ගිණුම් පිළිබද විස්තර
9. සාමාජික නාමලේඛනය
10. ව්‍යවස්ථාවේ සහතික කරන ලද පිටපතක්
11. ග‍්‍රාමනිලධාරි නිර්දේශය


දැව කැපුම් බලපත‍්‍රයක් ලබා ගැනීම


1. ඉල්ලීම් ලිපිය
2. ඉඩමේ අයිතිය සනාථ කළ හැකි ලේඛන
3. ග‍්‍රාමනිලධාරි නිර්දේශය
4. හවුල් ඉඩමක් නම් හවුල්කරුවන්ගේ කැමැත්ත (ග‍්‍රාමනිලධාරි ඉදිරිපිට කැමැත්ත ප‍්‍රකාශ කළ යුතුව ඇත.)
5. සංවර්ධන කාර්යයන් සදහා ගස් ඉවත් කළ යුතු නම් ඒ බවට අදාළ ලිඛිත සාක්‍ෂි


දැව ප‍්‍රවාහන බලපත‍්‍රයක් ලබා ගැනීම

1. ඉල්ලීම් ලිපිය
2. ඉල්ලූම්කරු විසින් පිරවිය යුතු විස්තර ඇතුළත් ආකෘතිය
3. දැව ලැයිස්තුවේ පිටපත් 03 ක් (මෙටි‍්‍රක් ක‍්‍රමයට)
(දැව වර්ගය, දිග/උස, මැදවට, ඝනකම, කෑලි ගණන)
4. දැව ලබාගත් ඉඩමේ ග‍්‍රාමසේවා නිලධාරි විසින් සහතික කරන ලද ඔප්පුවේ ඡුායා පිටපතක්
5. දැව මිල දී ගත්තේ නම් නියමිත මුද්දර මත අත්සන් කරන ලද කුවිතාන්සිය (සාක්‍ෂි 2 ක් සමග)
6. දැව ලබාගත් ඉඩම නොබෙදු හෝ හවුල් ඉඩමක් නම් හවුල්කරුවන්ගේ කැමැත්ත ප‍්‍රකාශිත ලිපි (ග‍්‍රාම නිලධාරි ඉදිරිපිට කැමැත්ත ප‍්‍රකාශ කළ යුතුය)
7. දැව පරිත්‍යාග කළේ නම් ඒ බවට වූ ලිපිය.
8. කැපුම් බලපත‍්‍රයක් ලබාගත යුතුව දැව නම් කැපුම් බලපත‍්‍රයේ මුල් පිටපත
අංක 3 සිට 7 දක්වා වූ සෑම ලිපයක් ම ග‍්‍රාම නිලධාරි විසින් තහතික කළ යුතුව ඇත.


පදිංචි / භුක්ති විදින ඉඩමට බලපත‍්‍රයක් ලබා ගැනීම

1. ග‍්‍රාම නිලධාරි විසින් අත්සන සහතික කරන ලද ඉල්ලීම් ලිපිය.
2. ඉඩම භුක්ති විදින බවට ලිඛිත සාක්ෂි
3. ග‍්‍රාමනිලධාරිගේ නිර්දේශ සහිත වාර්තාව
4. ඉඩමේ කටුසටහන
5. බලපත‍්‍රලාභියාට වෙනත් ඉඩකඩම් නොමැති බවට දිව්රුම් ප‍්‍රකාශයක්
6. පුද්ගල හැදුනුම්පත


දීමනා පත‍්‍රයක් සකස් කරවා ගැනීම1. ග‍්‍රාමනිලධාරි විසින් අත්සන සහතික කරන ලද ඉල්ලීම් ලිපිය.
2. ග‍්‍රාමනිලධාරි නිර්දේශය ඇතුළත් වාර්තාව
3. බලපත‍්‍රය ඡුායා පිටපතක් සහිතව
4. කට්ටි සැලැස්මක් තිබේ නම් එහි ඡුායා පිටපත
5. ඉඩමේ කටු සටහන
6. පුද්ගල හැදුනුම්පත


දීමනා පත‍්‍ර අන් අයට පැවරීම

1. ග‍්‍රාමනිලධාරි විසින් අත්සන සහතික කරන ලද ඉල්ලීම් ලිපිය.
2. අදාල දීමනා පත‍්‍රය හා පත්ඉරුව
3. කැමැත්ත ප‍්‍රකාශිත දරුවන්ගේ හා කලත‍්‍රයාගේ ප‍්‍රකාශ ඇතුළත් ලිපි (ග‍්‍රාමනිලධාරි ඉදිරිපිට ප‍්‍රකාශ කළ යුතුව ඇත.)
4. දීමනා පත‍්‍රය පැවරීමෙන් අයිතිකරු අනාථ තත්ත්වයට පත් නොවන බවට ග‍්‍රාමනිලධාරි නිර්දේශිත ඉල්ලූම්කරුගේ ප‍්‍රකාශය
5. පැවරීම්ලාභියා පිළිබද ඔහු පදිංචි කොට්ඨාශයෙ ග‍්‍රාම නිලධාරි වාර්තාව
6. යෝජිත පැවරුම්ලාභියා සතු ඉඩකඩම් / වත්කම් / ආදායම් පිළිබදව ඔහු පදිංචි ග‍්‍රාමනිලධාරියාගේ සහතිකය
7. පුද්ගල හැදුනුම්පත


පසු අයිතිය නම් කිරීම

1. ග‍්‍රාමනිලධාරි විසින් අත්සන සහතික කරන ලද මුල් අයිතිකරුගේ ඉල්ලීම් ලිපිය
2. පසු අයිතිය නම් කරනු ලබන අයගේ උප්පැන්න සහතිකය
3. පසු අයිතිය නම් කිරීමේ ආකෘති පත‍්‍රයෙහි පිටපත් තුන (155 ආකෘතිය)
(මෙම ආකෘතිය ප‍්‍රසිද්ධ නොතාරිස් හෝ සාමදාන විනිසුරුවරයෙකු විසින් සහතික කරවා ගත යුතුය. එසේම සාක්ෂිකරුවන් දෙදෙනෙකු ලවා ද අත්සන් කරවා ගන්න. ඉන් එක් අත්සනක් අනිවාර්යයෙන් ම අදාල ග‍්‍රාම නිලධාරිගේ විය යුතුය.)
4. දීමනා පත‍්‍රය
5. නම්වල වෙනස්කම් වේ නම් ඊට අදාල දිව්රුම් සහතික
6. රු. 5/- ක් වටිනා අවලංගු නොකළ මුද්දරයක්
7. පුද්ගල හැදුනුම්පත


මුල් අයිතිය ඉල්ලීම

1. ග‍්‍රාමනිලධාරි විසින් අත්සන සහතික කරන ලද ඉල්ලීම් ලිපිය
2. ඉඩමේ අයිතිකරුගේ මරණ සහතිකය
3. ඉඩමේ ජීවිත භුක්තිකරුගේ මරණ සහතිකය
4. පත්ඉරු පිටපත හා අදාළ දීමනා පත‍්‍ර (ඉල්ලා සිටියහොත් ඉදිරිපත් කිරීමට)
5. ඉල්ලූම්කරුගේ උප්පැන්න සහතිකය
6. ග‍්‍රාමනිලධාරිවරයාගේ නිර්දේශිත වාර්තාව
7. නමෙහි වෙනස්කම් ඇත්නම් දිව්රුම් ප‍්‍රකාශයක්
8. පුද්ගල හැදුනුම්පත

(සැ. යු. මෙහි සඳහන් මුද්දර ගාස්තු හා වෙනත් ගාස්තු කලින් කලට වෙනස් විය හැකිය.)

කරදරයේ නොවැටෙන්න අනිවාර්යෙන්ම කියවන්න....

ඉහත කරුණු යම් යම් සාධක මත යම් යම් අවස්ථාවන්හි වෙනස් විය හැකිය. එම නිසා රාජ්‍ය සේවය ලබාගැනීම පිලිබදව යම් ආකාරයක විස්තර ඔබට අවශ්‍ය වේ නම් 1919 යන දුරකථන අංකය අමතා රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය මගින් අවශ්‍ය නිවැරදි තොරතුරු ලබා ගත හැකිය.

ඔබට පමණක් නොව මෙම ලිපිය සෑම කෙනෙකුටම වැදගත් විය හැකිය. එම නිසා මෙම ලිපිය Share කර අන් අයවද දැනුවත් කරන්න...


මළ  සිරුරෙහි හදවත සුළු මොහොතක් ක්‍රියාත්මක වෙයි..
සිරුරෙහි තැනින් තැන ප්‍රදේශ චලනය වෙයි. හුස්ම ගන්න බවක් පෙනේ...
නාසයෙන් කටින් රුධිරය එයි. කැපුම් ස්ථාන වලින් ලේ වැගිරෙයි.
මෙම සිදුවීම් තත්පර කිහිපයක් පමණක් සිදුවන නමුත් ඒ සුළු කාලය ඇතුලත මල සිරුරෙහි ජීවයක් පවතී.
ඔබට විශ්වාස නොමැතිද? එසේනම් මෙතැන් සිට හොදින් කියවා වීඩියෝව නරබන්න ..

ඉතා කුඩා ළමයින්, ඉතා සුළු දෙයටත් බියට පත්වන පුද්ගලයින් හා හදවත් රෝග ඇත්තවුන් මෙය නැරබීමෙන් වලිකින්න.
කිසිදු ලෙසකින් අත්හදා බැලීමට නොයන්න..

ඇත්තටම මළ මිනිසෙකුට පණ  ගන්නවා යැයි  කිව්වොත් නිසැකයෙන්ම ඔබ පුදුම වනවා සහ එක්වරම විශ්වාස නොකරනු ඇත. නැතිනම් අප හට දෝෂාරෝපණය කරණු  ඇත...  පුරාණ  කතාවල අද්භූත ලෙස මිනිසෙකුට ජීවය ලබාදීම් සහ යන්තර මන්ත්‍ර ගුරුකම් වැනි ගුප්ත බලවේග මගින් ප්‍රාණය නිරුද්ධ වූ සිරුරකට නැවත ජීවය ලබා දීම්  වැනි විශ්මිත දේ  ඔබ කොතෙකුත් අසා ඇත..
නමුත් ඔබට මතුවන ගැටලුවනම් මිනිසෙකු මළ  පසු එම සිරුරට තවදුරටත් ජීවත් වීමට අවශ්‍ය (ජීවයකට අවශ්‍ය) වටපිටාවක් පවතීද යන්නයි.. එසේ සිදුකල හැකිනම් එය නවීන විද්‍යාව පවා අභිබවා යන සාධකයක් වනු ඇත..
නමුත් වයිද්‍ය  විද්‍යාව අනුව යම් සිරුරකට අභයන්තරිකව හෝ බාහිරව අනතුරක් සිදුවී හෝ නොවී ප්‍රාණයක් නොමැති වූ විට නැවතත් කිසිසේත්ම ප්‍රාණය ස්ථීර වශයෙන්ම පවත්වාගෙන යෑම  අපහසුය.. අනෙක මොළය  හා හදවත යන දෙකම ක්‍රියාකාරීත්වය අඩාල  වූ විට කිසිසේත්ම සාමාන්‍ය තත්වයක් යටතේ ජීවයක් පැවතිය නොහැකිය..

එසේනම් මේ අයුරින් කෙසේද මළ  සිරුරකට ප්‍රාණය ලබාදෙන්නේ...
ඔව් එය පුළුවන්.. තත්පර කීපයකට,
නමුත් මෙයින් අදහස් කරන්නේ මළ මිනියකට නැවතත් ජීවයක් ලබා දී ඔහු හෝ ඇය තවදුරටත් ජීවත් කරවීමවත්,  ඔහු නැගිට කතා බහ කිරීමක්වත් නොවේ. ප්‍රාණය තාවකාලිකව ලබා දීමක්. ඇත්තටම මෙය විශ්මිත ජනක වුවත් එය සිදුවන ආකාරය වීඩියෝව නැරබීමෙන් ඔබට පසක් වනවා ඇත..

අධි මානසික බලයෙන් මළ මිනියකට පණ දෙන ඇස් මවිත කරවන වීඩියෝව
කරුණාකර සංවේදී පුද්ගලයින් මෙම වීඩියෝව නැරඹීමෙන් වළකින්න..

මේ අපූරු හැකියාව, එහෙමත් නැත්නම් අධි මානසික බලය තියෙන්නේ ඇමෙරිකාවේ සුප්‍රසිද්ධ මැජික් කරුවෙකු වන ක්‍රිස් ඒන්ජල් නැමැත්තාටයි. ඔහුගේ මෙවැනි ඉන්ද්‍රජාලික වැඩ නිසා කලකට පෙර ලොව ලොකු ප්‍රසිද්ධියක් උසුලනු ලැබුවා. අද අපි ඔබට පෙන්වන්න යන්නේ ඔහු විසින් කලා වූ ඉතාමත් විස්මිත දෙයක්. ඒ තමයි මිය ගිය පුද්ගලයෙකුගේ මෘත දේහයට අධි මානසික බලයෙන් මොහොතකට නැවතත් ප්‍රාණය ලබා දීම. ජීවත්ව සිටින කෙනෙකුගේ ජීවය මොහොතකට මළ මිනිය සමග හුවමාරු කර ගැනීමක් තමයි සිද්ධ වෙන්නේ. මොකක්ද මේ වෙන්නේ කියලා ඔයාලාම බලලා ඉන්නකො...



ඇත්තටම මෙම වීඩියෝව නැරබීමෙන් ඔබට සිතුනේ කුමක්ද? මෙය සත්‍යක්‌  නොවිය හැකි බවධ? ඔබ විශ්මය ජනක වුවා විය හැකිය. නමුත් ඇත්තටම මෙය මැජික් එකක් නොඑසේනම් ඇස්  බැන්දුමක්  පමණි. එසේනම් මේ පුදුම සහගත දේ සිදු කළ  ආකාරය අප ඔබට හෙළිදරව් කරන්නෙමු. පහත වීඩියෝව නරබන්න..

කුතුහලය වඩවන අද්භූත දෑ සොයා යාමටත්, මූලාශ්‍ර පීරමින් අද්භූත දෑ පිළිබඳ වන විස්තරයක්ම හඹා යාමටත් මිනිසුන් ලෙස අප මෙතරම් පෙළඹෙන්නේ නිසඟයෙන්ම එබඳු පැහැදිලි කළ නොහැකි ගුප්ත සිදුවීම් කෙරෙහි අප තුළ වන පැහැදිලි කළ නොහැකි ආශාව නිසාය. වාසනාවකට මෙන් එවැන්නන්ගේ මනදොළ සැපිරීම සඳහා එබඳු ගුප්ත අබිරහස්මය දෑ ද අඩුවකින් තොරව සොයා ගැනීමට ලැබේ. මන්ද අතීතයේදීත් වර්තමානයේත් මෙන්ම අනාගතයේදීත් එබඳු අත්භූත දෑ සිදු නොවීමට ඉඩක් නැති නිසාය. කෙතරම් තාක්ෂණයෙන් දියුණු වුවද, අද වන තුරුත් විද්‍යාවට විසඳා ලිය නොහැකි වූද, විද්‍යාවේ බල මහිමය අභියෝගයට ලක් කළාවූ ද එබඳු සිදුවීම් පෙළක් මෙම ලිපියෙන් ගෙන එන්නේ ඔබේ කුතුහලාත්මක රසවින්දනය තීව්‍ර කිරීමේ අරමුණිනි.

අයිස් කාන්තාව...
දරුණු ශීතදේශගුණයක් පැවැති වකවානුවක උදාවූ එක් ෙදෙවෝපගත දිනයකදී මිනෙසෝටා හි ‘ලෙන්ග්බි’ ප්‍රදේශයේ විසූ මිනිසෙකුට දක්නට ලැබුණේ සිය අසල්වැසියෙකු වූ දහනව හැවිරිදි ‘ජීන් හිලියර්ඩ්’ නමැති කාන්තාවගේ හිම මිදුණු අප්‍රාණික සිරුර ශීත හිම මත නිසලව වැටී ඇති ආකාරයයි. පෙරදා රාත්‍රියේදී උෂ්ණත්වය - 25ංඛි ටත් වඩා අඩු අගයක් ගත්තක් වූ අතර, එදින සිය ධාවනයේ යෙදෙමින් සිටියදී සිදු වූ අවාසනාවන්ත හදිසි අනතුරකට මුහුණදුන් ජීන්ගේ මෝටර් රථය අක්‍රිය වී තිබිණි. දරුණු ශීතලෙන් බැටකමින් උදව් ඉල්ලායාමේ අසාර්ථක උත්සහයක නියැළුණු ජීන්ගේ ගල් ගැසුණු සිරුර කඩිනමින් රෝහල වෙත ගෙන යනු ලැබූ අතර, ඇය කෙතරම් ගල් ගැසී, සිටියාද කිවහොත් ඇය ජීවත් වනු ඇති බවට වෛද්‍යවරුන් තුළ කිසිදු විශ්වාසයක් නොවීය. ඇගේ සිරුරම අධිශීත වී අළු පැහැ ගැන්වී තිබූ අතර, අධික ශීතල කරණකොටගෙන තුවාල හටගත් ඇගේ දෑත් හෝ දෙපා චලනය කිරීමට හෝ නොහැකි විය. 



ඇය යළි සිහි ලබනු ඇති බවට බලා‍පොරොත්තුවක් නොවූවද, යම් හෙයකින් හෝ සිහි ලැබූවද ඇගේ මොළයේ ක්‍රියාකාරීත්වය මුළුමනින්ම අක්‍රිය වනු ඇති බවද, දරුණු ලෙස තුවාල වූ ඇගේ දෙපා යුවළම කපා ඉවත් කිරීමට සිදුවනු ඇති බවට කිසිදු සැකයක් නොවීය. ඇගේ පවු‍ලේ සාමාජිකයින් හට කිරීමට ඉතිරිව තිබූ එකම දෙය වූයේ යාච්ඤා කිරීම පමණි.
ඔවුන්ගේ යාච්ඤාවට පිළිතුරු ලැබිණි. පැය දෙකකට පසුව ජීන්ගේ සිරුර දැඩි ගැස්මකට ලක් වූ අතර, ඉන් අනතුරුව ඇය පියවි සිහිය ලැබුවාය. පුදුමය වනුයේ කායික, මානසික වශයෙන් ඇය පූර්ණ නිරෝගී තත්ත්වයෙන් පසුවීමත්, ශරීරයේ එකදු ඇඟිල්ලක් හෝ කපා ඉවත් කිරීමේ අවශ්‍යතාවයකින් තොරව ඇය යථා තත්ත්වයට පත් වීමත්ය. තුවාල පවා ක්‍රමයෙන් ඇගේ සිරුරින් ඉවත්ව යන ලද්දේ වෛද්‍යවරුන් මවිතයට පත් කරමිනි.
නවදිල්ලියේ යකඩ ස්ථම්භය... 


ලෝහ වර්ග අතර රජු ලෙස අවිවාදයෙන් හැඳින්වෙන යකඩ, ශක්තිමත් බවයෙන් හා ස්ථාවරභාවය අතින් කෙතරම් තෙදබල පෑවද මල කෑමේ ස්වභාවික ක්‍රියාවලිය අභිබවා යෑමට ඊට නුපුළුවන. එනමුදු නවදිල්ලි නුවර පිහිටි මීටර හතක් උසැති වූද ටොන් හයක බරකින්ද යුතු දැවැන්ත යකඩ ස්ථම්භය වසර එක්දහස් හයසියයකට අධික කාලයක් නොසැලී නැගී සිටින්නේ ඒ සියලු සම්මතයන් බිඳ හෙලමිනි. 98ක් යකඩ සංයුතියකින් යුතු, යමක් සහස්‍රයකට අධික කාලයක් විඛාදනයට ගොදුරු නොවී පැවැතීමේ රහස විද්‍යාඥයින් අනාවරණය කොට ගෙන ඇතිවුවද, පුදුමය වනුයේ එතරම් ඈත අතීතයක විසූ අපගේ මුතුන් මිත්තන් එය සොයා ගන්නා ලද්දේ කෙසේද යන්නය.
කැරොල් ඒ. ඩීරීන් නෞකාව....



මේරි සෙලෙස්මේ නෞකාවේ කාර්ය මඬුල්ල අබිරහස්මය ලෙස අතුරුදන්වීමේ සිදුවීමෙන් අඩසිය වසකට පසුව, එනම් 1921 ජනවාරි 31 දා එයාකාරයේම සිදුවීමක් වාර්තා වූයේ උතුරු කැරොලිනා වෙරළ අසලින් ‘කැරොල් ඒ. ඩීරීන් නම් රුවල් නෞකාව සොයා ගැනීමත් සමගය. පුදුමයකින් තොරවම එහිද කාර්යමණ්ඩලය මුළුමනින්ම අතුරුදන්ව පැවැති අතර නැවේ ලොග් සටහන්ද ඇතුළු සියලුම ‍ලේඛනද අතුරුදන්ව පැවතිණි. පසුදිනය සඳහා ආහාරද පිළියෙළ වී පැවැතියේ අතුරුදන් වීම අනපේක්ෂිත ලෙස සිදුවූවක් බව මොනවට කියා පාමිනි. මේරි සෙලෙස්මේ මෙන්ම මෙයද සොයා ගන්නා ලද්දේ අත්භූත අතුරුදන් වීම් සිදුවන බවට ප්‍රකට බර්මියුඩා ත්‍රිකෝණයේ තිබියදී වන අතර, එයද කිසියම් අස්වාභාවික / අධිඅසාමාන්‍ය සිදුවීමක ප්‍රතිඵලයක් බවට මත පළ වූ අතර, තවත් ඇතැමුන් කියා සිටින ලද්දේ එය මුහුදු කොල්ලකරුවන්ගේ, නැතහොත් රුසියානුවන්ගේ ක්‍රියාවක් බවය.
හඩ්සන් ඵලය...
ජෝන් හඩ්සන් නැමැත්තා විසින් නිකොලා ටෙස්ලා නමැති විද්‍යාඥයාගේ පර්යේෂණ යළි සිදුකිරීමට ගත් උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස බිහි වූ දෑ ‍පොදුවේ හැඳින්වෙනුයේ ‘හඩ්සන් ඵලය’ ලෙසයි. ඔහු විසින් සිදුකළ පර්යේෂණයන්හිදී සිදුවූ ඉතාම පුදුමාකාර සිදුවීම් අතර, නිදැල්‍ලේ පාවීම, මුළුමනින්ම එකිනෙකට වෙනස් ද්‍රව්‍යයන් (ලී හා ලෝහ) එකිනෙක සංයෝජනය කිරීම, කුඩා වස්තූන් අතුරුදන් කිරීම, ඒ අතර වුවද ඒ සියල්ලටම නොදවෛනි පුදුමය වනුයේ එකී අස්වාභාවික ක්‍රියාකාරකම් යළිත් සිදුකිරීමට හඩ්සන් අ‍පොහොසත් වීමයි. ඔහුගේ මෙම පර්යේෂණය විද්වත් ලෝකය තුළ කෙතරම් කැළඹීමක් ඇති කළේද යත්, නාසා ආයතනය පවා හඩ්සන් පර්යේෂණ ප්‍රතිඵල ලැබිමේ අසාර්ථක උත්සහයක නිරත වූ බව කියැවේ.

බෙල්මෙස්හි මුහුණු...
මෙහි දැක්වෙන ඡායාරූපයෙන් නිරූපණය කෙරෙන “මුහුණු” සැබවින්ම නිවසක බිත්තියක් මත අස්වාභාවිකව හටගත් පැල්ලම් බව පැවැසුවහොත් ඔබ පුදුම වනු ඒකාන්තයි. විසිවසරකට අධික කාලයක සිට බෙල්මෙස්හි පිහිටි ‘පෙරෙයිරා’ පවු‍ලේ නිවහනේ වරින්වර මෙයාකාරයේ විවිධ හැඟීම් නිරූපණය කරන කාන්තා හා පුරුෂ මුහුණු දැක්වෙන පැල්ලම් හට ගැනීමේ අබිරහස අදටද විසඳාගත හැකිවී නැත. 


වරින්වර මතුවන මෙම මුහුණු ඉබේම අතුරුදන්වී යන්නේද පුදුමාකාර ලෙස ඒ පිළිබඳ කිසිදු සාක්ෂියක් ඉතිරි නොකරමිනි. මේ පිළිබඳ සිදු කෙරුණු එක් විමර්ශනයකදී නිවස යට වළදා තිබූ මෘත සිරුරක් ද ගොඩ ගැනීමට සමත්ව තිබුණද, අබිරහස් මුහුණු මතුවීමේ ක්‍රියාවලිය ඉන් අවසන් වූයේ නැත.

අතුරුදන් වූ විල...




2007 වසරේ මැයි මාසයේදී චිලී රටේ පෙන්ටගෝනියා ප්‍රදේශයේ පිහිටි සැතපුම් පහක දිගකින් යුතු විලක් යම් පැහැදිලි කළ නොහැකි හේතුවක් නිසාවෙන් අතුරුදන් වූයේ, මීටර තිහක් ගැඹුරු දැවැන්ත ආවාටයක් පමණක් ඉතිරි කරමිනි. විල අවසන්වරට දකින ලද්දේ ඉන් දෙමසකට පෙර වන අතර, ඒ වන විටද එහි කිසිදු අමුත්තක් නොතිබූ බව කියැවේ. නමුත් දෙමසක කාලය තුළදී විල කිසිදු සලකුණකින් තොරව සිඳී ගියා පමණක් නොව ඉන් ගලා ගිය ගංගාවද, කුඩා දොළ පහරක් බවට පත්ව තිබුණේ ඒද තවත් නොවිසඳුණු අබිරහසක් බවට පත් කරමිනි. එකී ප්‍රදේශයේ කිසිදු භූමිකම්පාවක් හෝ හටගෙන නොතිබූ අතර පිටසක්වලින් පැමිණි හඳුනා නොගත් යානයක් (U F O) මගින් විල සිඳ දැමූ බවටද කටකතා ව්‍යාප්තව තිබේ.

ජල්ලි වැස්ස... (Oakville Blob Rain.)
1994 අගෝස්තු 7දා වොෂිංටන් නුවර ඕක්විල් ග්‍රාමයට ධාරානිපාත වර්ෂාවක් ඇද හැලීමට පටන් ගන්නා ලද්දේ අසාමාන්‍ය ලෙසය. එය සාමාන්‍ය වර්ෂාවක් නුවූ අතර දිය බිඳු වෙනුවට අහසේ සිට පතිතවන ලද්දේ ජල්ලිමය ද්‍රව්‍යයකි. ඊටත් වඩා පුදුමය වනුයේ ජල්ලි වැස්සත් සමග ඕක්විල් ප්‍රදේශයේ සියලුම වැසියන් පාහේ දරුණු උණ රෝගයකට ගොදුරුවීමයි. ඒද සාමාන්‍ය උණක් මෙන් නොවූ අතර එය වැළඳුණු විට සතියක සිට මාස තුනක කාලයක් රෝග ලක්ෂණ පැවැතුණු බව කියැවේ.





විද්‍යාගාර පර්යේෂණයන්ගෙන් හෙළිකර ගන්නා ලද්දේ ජල්ලි තුළ මිනිස් ආහාර මාර්ගයේ වෙසෙන බැක්ටීරියා වර්ග දෙකක් පමණක් නොව, මිනිස් සුදු රුධිරාණු ද අඩංගු වූ බවකි. එනමුදු ජල්ලි යනු සැබැවින්ම කුමක්ද කියාත් එය කරණකොටගෙන රෝගී වූයේ කෙසේද කියා හෝ කිසිදා අනාවරණය කර ගැනීමට හැකි වූයේ නැත.

පාෂාණ තුළින් මතුවන ජීවීන්...
පාෂාණ තුළින් පණ ඇති ගෙම්බන්, ඉස්ගෙඩියන් වැනි කුඩා සතුන් සිට හමු වූ අවස්ථා පිළිබඳ විස්මිත වාර්තා අඩුවක් නොවේ. ගල් තුළ පමණක් නොව කපා දැමූ ගස් තුළද, මිනිසා විසින් තැනූ කොන්ක්‍රීට් නිර්මාණ තුළද මෙයාකාරයේම පණ ඇති සතුන් සිට හමු වූ අවස්ථා පිළිබඳ පුදුමාකාර සිදුවීම්වල අඩුවක් නැත. පුදුමය වනුයේ ඔවුන් එවැනි දෑ තුළට යන ලද්දේ කෙසේද යන්නත්, බාහිර ලෝකය හා කිසිදු සම්බන්ධයකින් තොරව ඒ තුළ ජීවත්ව සිටියේ කෙසේද යන්නත්ය. 1976 වසරේදී ඊට වසරක පෙරදී සකසන ලද කොන්ක්‍රීට් තට්ටුවක් බිඳහෙළමින් සිටි ටෙක්සාස් නුවර ඉදිකිරීම් ශිල්පීන් පිරිසකට දැක ගත හැකි වූයේ දෙනෙත් අදහා ගත නොහැකි දර්ශනයකි. 



කොන්ක්‍රීට් තට්ටුවේ පිහිටි සිය ශරීර ප්‍රමාණයටම අනුරූප වූ සිදුරක් තුළ පණපිටින් සිටි කැස්බෑවෙකි. කොන්ක්‍රීට් තට්ටුව මධ්‍යයේ වූ එකී සිදුර හැරුණු කළ එහි අන් පිපිරීමක් හෝ පළුද්දක් හෝ නොවූ අතර, කැස්බෑවෙකු එතරම් කාලයක් ඒ තුළ ජීවත් වූයේ කෙසේද යන්න අදටද විසඳාගත නොහැකි අබිරහසක් ලෙස ඉතිරිව තිබේ.
ඩොනී ඩෙකර් ...
‘වැසි දරුවා’ ලෙස විරුදාවලී ලද ‘ඩොනී ඩෙකර්’ නැමැත්තා 1983 වසරේ සිට එනමින් ප්‍රකට වූයේ, සිය අභිමතය පරිදි ඕනෑම අවස්ථාවකදී වැසි ගෙන ඒමට ඔහු සතු වූ අධිඅසාමාන්‍ය හැකියාව නිසාය. 



වරෙක සුළු වරදක් හේතුවෙන් සිරගත වූ ඩොනී සිරමැදිරිය තුළද වැසි වැස්සීම මගින් ඉමහත් කලබලයක් ඇතිකිරීමට සමත්ව තිබිණි. පසුකලෙක සිරෙන් නිදහස් වූ ඩොනී කෝකියෙකු ලෙස සේවයට බැඳුණු නමුදු ඔහුගේ වත්මන් තොරතුරු සේම වැසි හටගැන්වීමේ අසාමාන්‍ය හැකියාවද රහසක්ව පවතියි.
ප්‍රියන්ති රුද්‍රිගු - සමුදුර - 
උපුටා ගැනීම් සහිතයි ...... යහලුවනේ මේ පිටුවත් හොදයි කියල හිතෙනවනම් like කරලම යන්න......share කරන්නත් අමතක කරන්න එපා.. ( ලිපිය කියවල ''Comment'' කරන්නත් අමතක  කරන්න එපා........) හැමෝටම ස්තුතියි..
Powered by Blogger.