සදුදා 05.00ට රටටම ඇදිරි නීතිය ඉවත් කරයි.. නැවත පැනවීමක් නෑ.. නිවේදනය මෙන්න..
කොළඹ ගම්පහ කලුතර සහ පුත්තලම යන දිස්ත්රක්ක වලද , කෑගල්ල ප්රදේශයේ වරකාපොල පොලිස් බල ප්රදේශයේද ,මහනුවර දිස්ත්රික්කයේ අලවතුගොඩ පොලිස් බල ප්රදේශයේද ,අම්පාර දිස්ත්රික්කයේ අක්කරෙයිපත්තුව පොලිස් බල ප්රදේශයේද දැනට ක්රියාත්මක ඇදිරි නීතිය ලබන 27දා උදෑසන 5ට ඉවත් කරන බව පොලීසිය පවසනවා.
සෙසු දිස්ත්රික්ක වල ඊයේ රාත්රී 8ට පැනවූ ඇදිරි නීතිය 27දාම උදෑසන 5ට ඉවත් කරන බවයි පොලීසිය පවසන්නේ.
කෙසේ වෙතත් කොළඹ ගම්පහ කලුතර හා පුත්තලම යන දිස්ත්රික්ක වලට පිවිසීම හා ඉන් පිටවීම සියලු දෙනාට සම්පූර්නයෙන් තහනම් කර ඇති බවයි පොලීසිය විසින් නිකුත් කළ නිවේදනයෙහි දැක්වෙන්නේ.
Post a Comment