Recent Posts Widget


OVID -19 හෙවත් නව “කොරෝනා වෛරසය වැළදුන රෝගියකුගේ ශරීරයේ පවතින විෂබීජ විනාශ කළ හැකි කොරෝනා වෛරසය විනාශ කළ හැකි නව යන්ත්‍රයක් ‘’ඩුබායි රාජ්‍යයේ ගුවන් යානා හා විදුලි දුම්රිය ඉංජිනේරුවරයෙකු ලෙස සේවය කරන ශ්‍රීරි ලාංකික මනතුංග ශෙරාන් දීප්ති ජිවකාන්ත ද සිල්වා මහතා විසින් නිශ්පාදනය කර තිබේ.

කොරෝනා වෛරසය විනාශ කළ හැකි මෙම යන්ත්‍රය පරීක්ෂා කර මෙහි සාර්ථකත්වය බලා ගැනිම සදහා අවශ්‍ය රසායනාගාර පහසුකම් රාජ්‍ය හෝ පුද්ගලික ආයතනයක් මැදිහත්ව කඩිනමින් සහයෝගය ලබා දෙන ලෙසත් එසේ වුවහොත් ලක්ෂගණනක ජීවිත බේරා ගැනිමට හැකිවනු ඇතැයිද ඉංජිනේරු මනතුංග ශෙරාන් දීප්ති ජිවකාන්ත ද සිල්වා මහතා පවසයි.

මේවනවිට ශරිරය මතුපිටේ හා පරිසරයේ පවතින විෂබීජ විනාශකළ හැකි දේ සොයා ගෙන තිබෙන අතර මෙතෙක් ශරීරයක් තුළ පවතින විෂබිජ විනාශ කරලිමට යන්ත්‍රයක් සොයා ගෙන නොමැත.කොරෝනා වෛරසය චිනයේ ව්‍යාප්ත විමට ආරම්භ විමත් සමග මෙයට ඉංජිනේරු ක්ෂේත්‍රය සම්බන්ධව පිළියම් සෙවිම සදහා මාස කිහිපයක් පුරා විශාල අධ්‍යනයක් සිදු කිරීමෙන් පසුව මෙම යන්ත්‍රය නිශ්පාදනය කර තිබේ.

මේ වනවිට නව සොයා ගැනිම් රැසක් සිදු කර ඇති ඉංජිනේරු මනතුංග ශෙරාන් දීප්ති ජිවකාන්ත ද සිල්වා(42) මහතා කොළඹ ප්‍රදේශයේ පදිංචිව සිටි.ඔහු විසින් නිශ්පාදිත කොරෝනා විෂබිජ මිනිස් ශරීරයෙන් විනාශ කළ හැකි යන්ත්‍රය පිළිබදව මෙලෙස පවසා සිටියාය.

මෙම යන්ත්‍රයට පළමුව කොරෝනා වැළදුන රෝගියකුගේ රුධිර සාම්පල් එකක් රැගෙන, එම රුධිර සාම්පල් එක වෛද්‍ය පරීක්ෂණ සිදු කර වෛරසය කොපමණ ප්‍රතිශතයක් තිබෙනවාද කියා පරීක්ෂා කර බලනු ලබනවා.පසුව එම රුධිර සාම්පල් මෙම යන්ත්‍රයට දමා පැයක පමණ කාලයක් තබා යළි රුධිර සාම්පලය පරීක්ෂා කර බලනවා එහි කෙතරම් කොරෝනා වෛරසය පවතිනවාද කියා.කොරෝනා වෛරසය නැහැ කියන්නේ මෙම යන්ත්‍රය සියයට සීයක් හොඳයි කියන එක.නමුත් සමහර වෙලාවට මෙහිදි කොරෝනා වෛරසය සම්පුර්ණ විනාශ නොවී සියයට අසුවක් පමණ විනාශ වෙන්න පුළුවන් එවිට යන්ත්‍රයේ ක්‍රියාකාරිත්වය හොදයි අපට තිබෙන්නේ එහි කාර්යක්ෂමතාව තවදුරටත් වර්ධනය කිරීමට පමණයි.

ලෝකයේ සියළු දෙනා යම් රෝගයක්,වෛරසයක් වැළදුනවිට එයට විසදුම් සොයන්නේ ජීව විද්‍යාව පැත්තෙන්.නමුත් ඉංජිනේරු ක්ෂේත්‍රය පැත්තෙන් මේවාට පිළියම් සොයා ගත හැකිද යන්න අවධානය යොමු කරනවා අඩුයි.ඒ නිසා මම පෙළඹුනේ මේ වෛරසයට පිළියමක් සොයා ගන්න.කොරෝනා වෛරසය චීනයේ ව්‍යාප්ත වීමට ආරම්භ විමත් සමග මෙයට පිළියම් සෙවිමට මාස කිහිපයක් විශාල අධ්‍යනයක් මා සිදු කළා. භූගෝලිය ලක්ෂණ,එදිනෙදා ජිවිතයේ අපට හමුවන දේවල් පිළිබදව ලොකු අධ්‍යනයක් සිදු කළා.යන්ත්‍ර සුත්‍ර භාවිතා කරමින් රෝග නිවාරණය කළ හැකි සම්භාවිතාව, චුම්භක ක්ෂේත්‍රයේ පවතින උත්‍රරත්ද්‍රවය,දක්ෂිණත් ද්‍රවය තිබෙනවා, එහි උත්තරද්‍රවයේ මේ වගේ වෛරස් තිබෙනවාද,මේ වගේ වෛරස් ඇති වෙන්න පුළුවන්ද, ඇයි උත්තරත් ද්‍රවයේ මේවගේ වෛරස් ඇති වෙන්නේ නැත්තේ,මොනවගේ වෛරස්ද පවතින්නේ ,ඒවා ඇතිවීමට හේතු ඒ පිළිබදව ලොකු අධ්‍යනයක් සිදුකර මේ යන්ත්‍රය නිපදවා ලනු ලැබුවා.

”මෙය සාර්ථක වුවත්හොත් වැඩි දියුණු කර ඇඳක් ලෙස සකසා එහි විනාඩි දහයක(10) පමණ කාලයක් නිදාගෙන සිට නැගිටීමෙන් පසුව ශරීරයේ වෛරසය විනාශ කළ හැකියි. මේ හරහා පැයට රෝගින් හය දෙනෙකු(06) පමණ සුව කර ගැනිමට හැකියාව පවතිනවා.මෙය සාර්ථකවුව හොත් ලෝකයටම නොමිළේ ලබා දීමටත් බලාපොරොත්තු වනවා.”

යහලුවන්ටත් බලන්න Share කරන්න.

Post a Comment

Powered by Blogger.