Recent Posts Widget


ලෝකයේ ප්‍රබල රටවල් කොරෝනා වසංගතයට මුහුණ දීමට නොහැකිව අසාර්ථක වී තිබියදී ශ්‍රී ලංකාව කොරෝනා මර්ධනයෙන් විශිෂ්ට තත්ත්වයකට අත්පත් කරගෙන සිටින බව යුද හමුදාපති ශවේන්ද‍්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

කොරෝනා ව්‍යාප්තිය පාලනයේ දී ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව විසින් 100%ක සාර්ථකත්වයක් ලබා ගෙන ඇති බවත් ඔහු පැවසීය.

හමුදාව විසින් නිරෝධායනයට ලක් වූ කිසිදු අයෙකුගෙන් තවත් අයෙකුට වෛරසය ආසාදනය වීමට ඉඩ නොතබා කටයුතු කර ඇති බවත් නිරෝධන ක්‍රියාවලිය ශ්‍රී ලංකා හමුදාව ජීවිතේ මුල් වතාවට ඉගෙනගත් කාරණයක් වුවද නොහැක්කක් නොමැත කියන්න යන්න ඔප්පු කරමින් මෙම ක්‍රියාවලිය අතිශය සාර්ථක ලෙස ඉටු කිරීමට හමුදාවට හැකිවූ බවද ඔහු පැවසුවේය.

ඒ අනුව සෞඛ්‍ය බලධාරීන් විසින් ජනතාවට ලබාදෙන උපදෙස් අනුව කටයුතු කලහොත් කිසිදු පුද්ගලයෙකුට කොරෝනා ආසාදනය නොවී වගබලා ගැනීමට හැකියාවක් හමුදාවට ඇතැයිද ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකාවට පැමිණි අභියෝග සමඟ සසඳද්දී කොරෝනා යනු මහ දෙයක් නොවන බවද පැවසූ හමුදාපතිවරායා ශ‍්‍රී ලංකාව අද වන විට සිටින්නේ කොරෝ්නා වාර්තාවී පස්වන සතිය බවක් ලෝකයේ බොහෝ රටවල් 4 වන සතිය නිමාව දී ව්‍යාප්ත වූ ක්‍රමවේදයන් දැකිය හැකි බවත් පැවසීය.

අද වන විට ශ්‍රී ලංකාව අති විශිෂ්ඨ ස්ථානයක පවතින බව නිහතමානීව කිව යුතුව ඇතැයිද හමුදාපතිවරයා තව දුරටත් පැවසීය.

මෙම අදහස් පල කරන ලද්දේ කේෂ්ත්‍ර බලකා මුලස්ථානයේ දී හමුදා නිලධාරීන් අමතමිනි.


යහලුවන්ටත් බලන්න Share කරන්න.

Post a Comment

Powered by Blogger.