Recent Posts Widget


මළ සිරුරු බහාලන ආරක්ෂිත කවර 1,000 ක් රතු කුරුස සංවිධානයෙන් ඉල්ලා සෞඛ්‍ය අමාත්‍යාංශය ලිපියක් යොමු කර තිබෙනවා.
එම ලිපිය යොමු කළ බවට සදහන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සෞඛ්‍ය සේවා) වෛද්‍ය සුනිල් ද අල්විස් තහවුරු කලා.
එහෙත් ඊට හේතුව මෙරට කොවිඩ්-19 අවදානම බරපතළ වීම නොවන බවත්, රතු කුරුස සංවිධානයේ ඉල්ලීමකට අනුව එම ලිපිය යොමු කළ බවත් ලේකම්වරයා වැඩිදුරටත් සදහන් කළේය. 
අවශ්‍ය තත්ත්වයක් ඇතිවුවහොත් ප්‍රයෝජනයට ගැනීමට මළ සිරුරු බහාලන ආරක්ෂිත කවර මෙරට නොමැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මගින් අවධාරණය කිරීමෙන් පසු, රතු කුරුස සංවිධානය මගින් දැනුම් දී ඇත්තේ තම සංවිධානයට එවැනි ආරක්ෂිත කවර 1,000 ක් ලබාදීමේ හැකියාව ඇති බවයි.
එහෙත් සංවිධානයේ පරිපාලන ක්‍රමවේදයන්ට අනුව ඒ සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලිපියක් අවශ්‍ය බව රතු කුරුසය දැනුම් දී තිබූ බවත්, එම දැනුම්දීමට ප්‍රතිචාර ලෙස මෙම ලිපිය යැවූ බවත් සදහන් කළ ලේකම්වරයා, වැඩිදුරටත් පැවසුවේ
මෙම ආරක්ෂිත කවර කොවිඩ්-19 ආසාදිතයින් ආදාහනයේදී පමණක් නොව, ඇතැම් අවස්ථාවල සැකකරුවන්ගේ මළ සිරුරු නැවත ගොඩ ගැනීමේ අරමුණින් වළ දමන විට ද භාවිත කරන බවයි.
මේ  වෛද්‍ය චමල් සංජීව මහතා ඔහුගේ ෆේස්බුක් ගිණුම ඔස්සේ මේ පිලිබදව පල කල සටහනකි.
සෞඛ්‍ය අමාත්‍යාංශය මෘතදේහ බහාලන ( Body Bags) දහසක් හදිසියේ ඇනවුම් කළේ ඇයි?
 
මෙවැනි විට සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය සුනිල් අල්විස් මහතා විසින් අත්සන් කරන ලද ලිපියක් සම්බන්ධව ආන්දෝලනයක් ඇති වි ඇත.  එය සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිකුත් කර ලිපියක් වන අතර එය ව්‍යාජ ලිපියක් නොවන බවද සඳහන් කරනු කැමැත්තෙමි.
මෙම හදිසි අවස්ථාවේදී රටපුරා සිදුවන හදිසි මරණ, සැකසහිත මරණ ,හඳුනාගත නොහැකි මරණ, ඇතුළු corona රෝගී තත්ත්ව ආසාදන වූ තහවුරු වූ සහ  corona රෝගී තත්ත්වය ආසාදිත බවට තහවුරු නොවූ එහෙත් සැක සහිත සියලු මරණ පවතින සෞඛ්‍ය අනාරක්ෂිත භාවය මත පදනම් කොට බොහෝ අවස්ථාවන් වලදී මහේස්ත්‍රාත්වරුන්, අතිරේක මහේස්ත්‍රාත්වරුන්, හදිසි මරණ පරීක්ෂකවරුන්, විසින්  ද අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හො සෞඛ්‍ය බලධාරීන් ආදී කණ්ඩායම්වල ඉල්ලීම මත ඒ ඒ අවස්ථාවන් වලදී සාමාන්‍ය මරණයක් සඳහා පරීක්ෂණ සිදුකරන ක්‍රමවේදය වෙනුවට මෘතදේහය මෘතදේහය බහාලන Body Bag  දමා එය ආදාහනය කිරීම  වේගය මේ වන විට වැඩි වී ඇත..
මේ තත්ත්වය යටතෙ දිනකට සැලකිය යුතු මරණ ප්‍රමාණයක් සිදුවන මූලික රෝහල්, ශික්ෂණ රෝහල හා  ප්‍රධාන ජාතික රෝහල් සඳහා මෘත දේහ බහාලන විශාල ප්‍රමාණයක් දෛනිකව අවශ්‍ය වී ඇත.
පසුගිය කාලසීමාවේදී corona ආසාදිත හත් දෙනකු පමණක් මියගිය නමුත් සැක සහිත හා  හදිසි මරණ  තුන්සියයකට 300_ අධික ප්‍රමාණයක් දිවයින පුරා සිදුවී ඇත... මේ සියල්ල මෘතදේහ බහාලන භාවිතා කරමින් ආදාහනය කිමට සිදුව ඇති අතර මේ තත්ත්වය යටතේ මෘතදේහ බහාලන බෑග් වැඩි ප්‍රමාණයක් අදාළ රෝහල්වලට යැවීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට සිදුව ඇත..
දැනට රට තුළ උද්ගතව ඇති හදිසි වසංගත රෝගී හා සෞඛ්‍ය අනාරක්ෂිත තත්ත්වය තවත් සති කිහිපයක් පැවතිය හැකි බැවින් ද අදාළ කාලසීමාවන් තුළදී මියයන corona බව තහවුරු නොවූ එහෙත් සැකසහිත හදිසි මරණ සඳහා ද ආරක්ෂක ක්‍රමයක් ලෙස ප්‍රජාව ගේ ආරක්ෂාව සැලසීම සඳහා සෞඛ්‍ය හා අනෙකුත් රාජ්‍ය නිලධාරීන් සැක සහිත මරණ වලින් කුමන හෝ අන්දමක අනාරක්ෂිත තත්වයට පත්වීම වැළැක්වීම උදෙසාත් මේ අන්දමට මෘතදේහ බහාලන යොදා ආදාහනය කිරීම සිදුවන බැවින් එවැනි බෑග් දහසක් ඇලූම් කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය අභ්‍යන්තර තොරතුරු වාර්තා කරයි.
(මේ සම්බන්ධව මහජනතාව දැනුවත් කරන ලෙස මගෙන් ඉල්ලීමක් කළ දැනට මධ්‍යම ඖෂධ ගබඩාව භාර අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතාට විශේෂ ස්තුතිය)

යහලුවන්ටත් බලන්න Share කරන්න.

Post a Comment

Powered by Blogger.