මාළු වෙලෙන්දෙකුට කොරෝනා.. පිලියන්දල ගමක් අවදානමේ..
පිලියන්දල නිවන්තිඩිය ග්‍රාමෝදය මාවතේ පදිංචි 33 හැවිරිදි මාළු ව්‍යාපාරිකයෙක් කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු වීමෙන් අනතුරුව IDH රෝහලට ඇතුලත් කළ බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පැවසීය.
එම පුද්ගලයා පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් වාර්තා වූ ප්‍රථම රෝගියා බව වෛද්‍යවරයා කීය .
එම පුද්ගලයා කොරෝනා ආසාදිත රෝග ලක්ෂණ පහළ කිරීමෙන් අනතුරුව කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨ රෝහල වෙත ඇතුලත් කිරීමෙන් අනතුරුව සිදු කළ පරීක්ෂණ වලදී ආසාදිතයෙකු බව අනාවරණය වූ බව වෛද්‍ය වරයා කීය .
20 දින දහවල් එම පුද්ගලයා ආ ගිය බව කියන එම ප්‍රදේශයේම නීතිඥවරියකුගේ නිවසක් සහ ග්‍රාම සේවක වරයකුගේ නිවසක් ඇතුළු නිවාස 11 ක පුද්ගලයන් ස්වයං නිරෝධානයට ලක් කළ බව එල්ලාවල මහතා වැඩි දුරටත් පැවසීය .
Post a Comment