ලොව පුරා රටවලින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව මේ වනවිට දාහතර ලක්ෂ 44,816 දක්වා ඉහළ ගොස් තිබෙනවා. සිදුව ඇති මරණ සංඛ්‍යාව 83,103ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
වෛරසයට ගොදුරු වූ පුද්ගලයින් තුන්ලක්ෂ 9,108ක් සම්පූර්ණයෙන් සුවය ලබා තිබෙනවා.
වැඩිම කොරෝනා වෛරස ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඇමරිකාවෙන් වන අතර, එම සංඛ්‍යාව හාරලක්ෂ 549ක්.
එරටින් මරණ 12,857ක් වාර්තා වනවා.
වෛරසය හේතුවෙන් ලොව පුරා වැඩිම මරණ සංඛ්‍යාවක් ඉතාලියෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 17,127ක්.
ස්පාඤ්ඤයෙන් මරණ 14,555ක් සහ ප්‍රංශයෙන් මරණ 10,328ක් වාර්තා වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මේ අතර, ඊයේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් දැඩි සත්කාර ඒකකයේ දෙවන දිනටත් ප්‍රතිකාර ලබන අතර, ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
Post a Comment