කොරෝනා පරීක්ෂණයට බයේ රෝහලෙන් පැන්න 19 හැවිරිදි තරුණයාට සිදුවුන දේ
කොරෝනා වෛරසය ශරීරගත වී ඇති බවට ඇති වූ සැකයක් මත වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමට නියමිතව සිටි 19 හැවිරිදි තරුණයෙකු එම පරීක්ෂණයට මුහුණ දීමට බියවී අනුරාධපුර ශික්ෂණ රෝහලෙන් පලා ගොස් තිබෙනවා. කෙසේ වෙතත් අදාල තරුණයා පලා යන අවස්ථවේදී පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබුණා.
අදාළ තරුණයා ගැටුමකදී පහරකෑමට ලක්ව ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර තිබූ අතර පසුව ඔහු කොරෝනා වෛරසය ශරීර ගත වී ඇත්දැයි තහවුරු කර ගැනීමේ වෛද්‍ය පරීක්ෂණයකට යොමු කර තිබෙනවා. ඒ අනුව ඊට බියවූ තරුණයා රෝහලෙන් පලාගොස් ඇති අතර ඔහු ඔයාමඩුව මාර්ග බාධකයේදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ.
තන්තිරිමලේ - කිඹුලෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම තරුණයා පුත්තලමේ සිට පැමිණ ඇති බව රෝහල් ගත කිරීමෙන් පසුව අනාවරණ වී ඇති අතර ඔහුට කොරෝනා ආසාදනය වී නොමැති බවද අදාළ පරීක්ෂණයේදී තහවුරු වී තිබුණා.
කෙසේ වෙතත් මෙලෙස අත්අඩංගුවට ගත් තරුණයා නැවත අනුරාධපුර රෝහල වෙත භාර දීමට පොලිසිය කටයුතු කර තිබුණා.
Post a Comment