පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ 197ක් අත්අඩංගුවට - (වීඩියෝ)
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළව මේවන විට සැකකරුවන් 197ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසනවා.
ඉන් 119 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර 78ක් අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රස්ත විමර්ශණ කොට්ඨාශය මගින්.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න කියාසිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් 40 දෙනෙකු සම්බන්ධයෙන් රඳවා ගැනීමේ නියෝග මත විමර්ශණ සිදු කරන බවයි.
එමෙන්ම අත්අඩංගුවට ගත් තවත් 33 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශණ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් 52ක් ද රඳවා ගැනීමේ නියෝග මත රඳවාගෙන පරීක්ෂණ සිදු කෙරෙනවා.
මෙම ප්‍රහාරයට අදාළ විමර්ශණ කඩිනමින් අවසන් කිරීමට බලාපොරොත්තුවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
Post a Comment