Recent Posts Widget

Search Results

Web results

Jumanji (1995) චිත්‍රපටය අපි හැමෝම බොහොම ආශාවෙන් නරඹපු අදටත් මතකයේ රැඳුන චිත්‍රපටයක්, කෙසේ වෙතත් ඉහල මට්ටමේ නිර්මාණ සල්ලි උල්පත් කරමින්,සෝප් ඔපෙරා මට්ටමට ඇද දැමීම මේ දිනවල හොලිවුඩයේ විලාසිතාවක් බවට පත්ව තිබීම මුල් නිර්මාණවලට වෙන ලොකු අසාධාරණයක් බවයි මගේනම් පෞද්ගලික හැඟීම (හොඳම උදාහරණය : Fast & Furios). 

මෙහි දෙවන චිත්‍රපටය එනම් Jumanji: Welcome To Jungle (2017) නරඹල ඇතිවෙච්ච පසුතැවිල්ල මේ තුන්වන නිර්මාණයෙන් තවත් වැඩිවෙයි කියලයි මම මුලින් හිතුවෙ. කෙසේවෙතත් කතාව පැත්තෙන් මුල් චිත්‍රපටයට කිසිසේත්ම සම කල නොහැකි වුණත්, දෙවන චිත්‍රපටයට වඩා මෙය යම් තරමකින් ඉහලින් ඉන්නවා ප්‍රේක්ෂකයා රඳවා තබාගැනීම පැත්තෙන් ( මගේ මතය පමණයි). 

කොහොමහරි මේ Jumanji : The Next Level (2019) චිත්‍රපටයේ අධ්‍යක්ෂණයත් දෙවැන්න අධ්‍යක්ෂණය කල ජේක් කැස්ඩන්ගේමයි. IMDB අගය 6.9ක්, Rotten Tomatoes අගය 76%ක් ලෙස ලබාගෙන තිබෙනවා. රංගනයෙන් දායක වෙන්නෙ ඩ්වේන් ජොන්සන් ( ආචාර්ය.බ්‍රේව්ස්ටෝන්), ජැක් බ්ලැක් ( ආචාර්ය ෂෙල්බි), කෙවින් හාට් ( මවුස්), කැරන් ගිලන් ( රූබි රවුන්ඩ්හවුස්), අව්ක්වෆීනා ( මින්ග්), නික් ජොනාස් ( සීප්ලේන්), ඇලෙක්ස් වුල්ෆ් (ස්පෙන්සර්),මෝගන් ටර්නර් (මාර්තා), මැඩිසන් අයිමන් ( බෙතනි),ස’ඩේරියස් බ්ලේන් (ෆ්‍රිජ්), ඩැනී ඩෙවීටෝ ( එඩී), ඩැනී ග්ලොවර් (මයිලෝ),රිස් ඩාබි (නයිජල්), කොලින් හෑන්ක්ස් ( ඇලෙක්ස්) රෝරි මැකන් ( යර්ගන්) වැනි පිරිසක්. කතාව පැත්තට ගියොත්…

ස්පෙන්සර් යම් හේතුවක් නිසා නැවතත් ජුමන්ජි වීඩියෝ ක්‍රීඩා ලෝකය තුලට ගමන් කරනවා. ඔහුගේ යහළුවන් වන මාර්තා, බෙතනි සහ ෆ්‍රිජ් තීරණය කරනවා තම මිතුරාට පිහිටවී ඔහුව නැවත සැබෑ ලෝකයට ගෙන ඒමට, හැබැයි ඒ යන්නෙ වෙන්නෙ බොහොම නොහිතූ ආකාරයකට සහ නොහිතූ පිරිසක් එක්කයි, ඒ වගේම තමන් මීට කලින් දුටු ජුමන්ජි ලෝකය නොවෙයි ඔවුන්ට දකින්න ලැබෙන්නෙත්..

Jumanji 2019 Trailer


යහලුවන්ටත් බලන්න Share කරන්න.

Post a Comment

Powered by Blogger.