සිංහල අවුරුදු චාරිත්ත්ර 2020
අලුත් අවුරුදු උදාව
අප්‍රේල් මස 13 වන සඳුදා අපරභාග 08.23ට සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි.
පුණ්‍ය කාලය
අප්‍රේල් මස 13 වැනි සඳුදා අපරභාග 1 පසුවී විනාඩි 59 සිට එදින රාත්‍රී 2 පසුවී විනාඩි 47 දක්වා පුණ්‍යකාලය බැවින් අප්‍රේල් මස 13 වන සඳුදා අපරභාග 1.59 ට පළමුව ආහාරපාන ගෙන සියලු වැඩ අතහැර ආගමික වතාවත්වල යෙදීම ද පුණ්‍යකාලයේ අපර කොටස තුළ එනම් අප්‍රේල් මස 13 වන සඳුදා අපරභාග (රාත්‍රී) 8 පසුවී විනාඩි 23 සිට එම දා රාත්‍රී 2 පසුවී විනාඩි 47 දක්වා පහත දැක්වෙන අයුරින් ආහාර පිසීම, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී නැකත් චාරිත්‍ර විධි ඉටු කිරීම මැනවි.
ආහාර පිසීම
අප්‍රේල් මස 13 වැනි සඳුදා අපරභාග 10.05ට ශ්වේතවර්ණ (සුදු පැහැති) වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා දී කිරි මිශ්‍ර කිරිබතක් ද තල මිශ්‍ර කැවිලි වර්ගයක් සහ අග්ගලා පිළියෙල කරගැනීම මැනවි.
වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය
අප්‍රේල් මස 13 වැනි සඳුදා අපරභාග 10.43ට ශ්වේතවර්ණ (සුදු පැහැති) වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභව කිරීම මැනවි.
හිසතෙල් ගෑම
අප්‍රේල් මස 15 වැනි බදාදා පූර්වභාග 9.17ට නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹ පත් ද පයට කොළොන් පත්ද තබා හරිත වර්ණ (පළාවන්) වස්ත්‍රාභරණයෙන් සැරසී කොහොඹ පත් යුෂ මිශ්‍ර නානුද තෙල් ද ගා ස්නානය කිරීම මැනවි.
රැකිරක්ෂා සඳහා පිටත්ව යෑම
අප්‍රේල් මස 17 වැනි සිකුරාදා පූර්වභාග 7.56 ට ලා නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී තල සහ හකුරු මිශ්‍ර කිරිබත් අනුභව කර නැගෙනහිර දිශාව බලා පිටත්ව යෑම මැනවි.
පැළ සිටුවීම
අප්‍රේල් මස 19 වැනි ඉරිදා පූර්වභාග 11.38 ට තඹ වර්ණ (රතු/කහ) වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා පැල සිටුවීම මැනවි.
Sinhala Aluth Awrudu Nakath Litha 2020
Post a Comment