මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 214ක් දක්වා ඉහළට
තවත් කොරෝනා වෛරසය ආසාදනය වු රෝගීන් සිව් දෙනෙක් වාර්තා වී ඇත.
මෙම රෝගීන් සිව් දෙනාම පූනානි නිරෝධායන මධ්‍යස්ථානයෙන් හඳුනාගෙන ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව මේ වන විට ලංකාවේ සමස්ත කොරෝනා වෛරසය ආසාදනය වු පිරිස 214ක් දක්වා ඉහළ ගොස් ඇත.
මේ අතර පුද්ගලයින් 56 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
මේ වන විට වෛරසය ආසාදනය වී පුද්ගලයින් 7 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
රෝගීන් 147 ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටියි.
Post a Comment