Recent Posts Widget


අද (13) දිනය තුළ තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් තිදෙනෙකු හඳුනාගෙන ඇත.

ඊයේ(12) දිනයේ කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් 11 දෙනෙකු හා අද දිනයේ හත් දෙනකු හඳුනා ගැනිමත් සමඟ මෙරටින් වාර්තා වන වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 217 ක්.

කොවිඩ් නයින්ටීන් ආසාදිත රෝගීන් ළගින් ඇසුරු කිරීම හේතුවෙන් අනිවාර්යය නිරෝධායනයට ලක් කර සිටි  පුද්ගලයන් 609 කට අධික පිරිසක් ඊයේ පි.සී.ආර්.පරීක්ෂණ ලක්කළ අතර මෙම ආසාදිතයන් හඳුනාගත්තේ ඒ අනුවයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සදහන් කළේ කොවිඩ් නයින්ටීන් ආසාදනය වූ බවට ඊයේ හදුනාගත් පුද්ගලයන් 11 දෙනා අතරින් අට දෙනෙකුම නිරෝධායන මධ්‍යස්ථාන තුළ සිටි අය වන අතර ඒ අතරින් සිව්දෙනෙකුම බේරුවල ප්‍රදේශයේ සිට පුනානි නිරෝධායන මධ්‍යස්ථානය යොමු කර සිටි පුද්ගලයින් බවයි.

හඳුනාගත් මෙම ආසාදිතයන් අතුරින් පුද්ගලයන් හයදෙනෙකු පසුගියදා විවෘත කරන ලද පුත්තලම - ඉරණවිල පිහිටි කොවිඩ් 19 සැකසහිත රෝගින් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත ඊයේ දිනයේම යොමු කළේය.

ප්‍රථම වරට එම රෝහලට ඇතුලත් කළ පිරිස අතර මඩකලපු ඔලුවිල් පිහිටි නීරෝධානය මධ්‍යස්ථානය වෙත පසුගියදා ජා ඇල ප්‍රදේශයේ රැගෙන ගිය පිරිස අතරින් කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාධනය වී ඇති බවට තහවුරු වී ඇති පුද්ගලයින් යොමු කෙරුණි.

කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මේ වන විට මෙරට තුළ පුද්ගලයින් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 154 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

ජාතික බෝවන රෝග විද්‍යායතනයේ 88 දෙනෙකු , නැගෙනහිර කොළඔ මුලික රෝහලේ 28 දෙනෙකු හා වැලිකන්ද මුලික රෝහලේ 22 දෙනෙකු ඉරණවිල රෝහලේ 06 දෙනෙකු ඒ අතරට අයත්.

එමෙන්ම වෛරසය ආසාදනය වී සිටි පුද්ගලයින් 56 දෙනෙකු සුවය ලබා මේ වන විට රෝහල්වලින් පිටව ගොස් ඇති අතර ඊයේ දිනය තුළ ද ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු පුර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගියේය.

මේ වන විට කොරෝනා ආසාදනය වී පුද්ගලයින් 7 දෙනෙක් මියගොස් තිබේ.

යහලුවන්ටත් බලන්න Share කරන්න.

Post a Comment

Powered by Blogger.