Recent Posts Widget


රටපුරා දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය සංශෝධනය කිරීමට රජය සූදානම් වන බව වාර්තා වෙයි.

ඒ අනුව මුල් වටයේ දී දිස්ත්‍රික් 21 ඇදිරි නීතිය එන සතිය මුල ලිහිල් කරනු ඇති බව රජයේ ආරංචි මාර්ග වාර්තා කරයි.

දැනට අධි අවධානම් දිස්ත්‍රික්ක ලෙස නම්කර ඇති දිස්ත්‍රික්ක 06 හතරක් හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ලිහිල් කිරීමට යෝජනා වී තිබේ.

කොළඹ ගම්පහ කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත‍්‍රික්කවල ඇඳිරිනීතිය එන සතියේ ඉවත් නොකරනු ඇති අතර එය තවදුරටත් පවත්වාගෙන යාම ගැන මේ මස අවසානයේ තීන්දු කිරීමට නියමිතය.

ඇඳිරි නීති ලිහිල් කළ ද එම සියළු ප‍්‍රදේශවල කටයුතු සිදුකරන්නේ සෞඛ්‍ය බලධාරීන් විසින් ලබාදෙනු ලබන නිර්දේශ දැඩි ලෙස සැලකිල්ලට ගනිමි.

කොරෝනා අධි අවදානම් කලාප ලෙස නම්කර ඇති දිස්ත‍්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්වල ඇදිරි නීතිය ලබන සදුදා උදේ 6.00ට ඉවත් කරන බව දන්වා තිබුනද එය යළි ක්‍රියාත්මක වීම ගැන මෙතෙක් දැනුම් දී නැත.

--- Update ---
එලැඹෙන සඳුදා (20) සිට දිවා කාලයේදී රට පුරා ඇඳිරි නීතිය ඉවත් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇත.

මේ අනුව දිනපතා පෙ.ව. 6.00ට ඉවත් කෙරෙන ඇඳිරි නීතිය යළි පැනවෙන්නේ රාත්‍රී 8.00ටයි.

කෙසේ වෙතත් අවදානම් කලාප ලෙස හඳුනාගෙන දැනට වසා දමා ඇති ප්‍රදේශ තවදුරටත් එලෙසින්ම පවතිනු ඇතැයි වාර්තා වේ.

දිවා කාලයේ ඇඳිරි නීතිය ඉවත් කළ ද සේවයට කැඳවීමට නියමිතව ඇත්තේ රජයේ සේවකයන්ගෙන් 20% ක ප්‍රමාණයක් බව ආරංචි මාර්ග සඳහන් කරයි.

පෙරවරු 6.00 ට ඇඳිරි නීතිය ඉවත් කළ ද පෞද්ගලික අංශයට රාජකාරී කටයුතු ආරම්භ කිරීමට නිර්දේශ වී ඇත්තේ පෙරවරු 10.00ටයි.


රජයේ සහ පෞද්ගලික අංශයේ කාර්යාල කටයුතු ආරම්භ වුවත් සියලුම සේවකයන්ට රාත්‍රි 8.00 වන විට නිවෙස්වලට යෑමට හැකිවන පරිදි සේවා මුර සකස් කර ගත යුතුවනු ඇත.

යහලුවන්ටත් බලන්න Share කරන්න.

Post a Comment

Powered by Blogger.