සදුදා සිට දිස්ත්රික්ක 21ක ඇදිරි නීතිය ඉවත් කරන්නේ මෙහෙමයි..
දැනට රටපුරා පනවා ඇති ඇඳිරි නීතිය ලිහිල් කිරීම් යටතේ දිස්ත්රික්කය 21ක සදුදා දින සිට ඉවත් කිරීමට රජයේ අවධානය යොමුව ඇත්තේ රාත්රි කාලයේදී රට පුරා ඇදිරි නීතිය පනවන ආකාරයෙනි.
ඒ අනුව අධි අවධානම් දිස්ත්රික්ක ලෙස නම් කර ඇති කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්රික්ක හැර සෙසු දිස්ත්රික්ක සඳහා දහවල් කාලයේ දී ඇදිරි නීතිය ඉවත් කර රාත්රියේදී යලි පැනවීමට රජය අපේක්ෂා කරයි.
එළැඹෙන සදුදා දින සිට දිස්ත්රික්ක 21ක් සදහා පෙරවරු 6.00 සිට පස්වරු 6.00 දක්වා ඇඳිරි නීතිය ඉවත් කර නැවතත් රාත්රී කාලයේදී ඇඳිරි නීතිය පැනවීමට යෝජනා වී තිබේ.
නමුත් ඇදිරි නීතිය ඉවත් කළ ද එම දිස්ත්රික්ක අතර ගමන් කිරීම මුළුමනින්ම තහනම් වන අතර උත්සව, මහජන හමුවීම්ද තහනම් කිරීමට අවදානය යොමුව ඇත.
Post a Comment