Recent Posts Widget


ශ්‍රී ලංකාවෙන් කොරොනා ආසාදිතයන් තවත් හය දෙනෙක් සොයා ගෙන තිබෙනවා.

ඒ අනුව මෙරටින් හමුවූ කොරෝනා රෝගීන් ගණන 254 දක්වා ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය බලධාරීන් පවසනවා.

ඔවුන් 6 දෙනා ද වාර්තාවී ඇත්තේ වැලිසර නිරොධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිටින පිරිස අතරින් බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කියාසිටියේ.

ඒ අනුව අද දිනයේ පමණක් වාර්තාවූ ආසාදිතයන් සංඛ්‍යාව 10ක්.

මේ වන විට පුද්ගලයන් 161 දෙනෙකු වෛරස ආසාදනයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

86 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර වාර්තාවූ මරණ සංඛ්‍යාව 7ක්.

යහලුවන්ටත් බලන්න Share කරන්න.

Post a Comment

Powered by Blogger.