නිරෝධායනයට පිරිසක් රැගෙන යමින් තිබූ බස් රථ දෙකක් ලොරියක ගැටීමෙන් එක් අයෙක් මරුට - 29කට තුවාල - (වීඩියෝ)
වරකාපොළ ප්රදේශයේදී සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයන් එක් අයෙකු මියගොස් තවත් 29 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.
අද පස්වරු 4.50ට පමණ මහනුවර කොළඹ ප්රධාන මාර්ගයේ වරකාපොළ තැපැල් කාර්යාලය අසලදීයි අනතුර සිදුවී ඇත්තේ.
නිරෝධායන කටයුතු සඳහා පුද්ගලයන් පිරිසක් සාම්පූර් දක්වා රැගෙන යමින් තිබූ නාවික හමුදාවට අයත් බස් රථ දෙකක කොළඹ දෙසට ධාවනය වූ එලවළු රැගත් ලොරියක් ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා.
තුවාල ලැබූවන් ඇතුලත් කර ඇත්තේ වරකාපොළ රෝහලටයි.
මියගොස් ඇත්තේ එලවළු ප්රවාහනය කළ ලොරියේ රියදුරා බව සඳහන්.
තුවාලකරුවන් අතර නාවික හමුදා සෙබලුන් තුන් දෙනෙකු ද වනවා.
සිද්ධිය පිළිබඳ වරකාපොළ පොලිසියයි විමර්ශණ සිදු කරන්නේ.
Post a Comment