Recent Posts Widget

මෙම චිත්‍රපට නැරබීම සදහා Facebook (Data Free) පැකේජ ලබාගෙන ඇති අයට කිසිදු Data වැය වීමක් සිදු නොවේ.


Commando චිත්‍රපටි මාලාවේ තුන්වන කොටස වන Commando 3 කියන්නේ Action, Thriller කාණ්ඩ වලට‍ අයත් බොලිවුඩ් චිත්‍රපටියක්. මුම්බායි පොලීසිය විසින් මුස්ලිම් ආගමට හැරුණු හින්දු තරුණයන් තුන්දෙනෙක්ව අත්අඩංගුවට ගන්නවා. ඉදිරියේදී සිදුවීමට යන ප්‍රහාරයක් ගැන ඔවුන්ගෙන් ප්‍රශ්න කරත් සාර්ථක පිලිතුරක් ලබාගන්න ඔවුන්ට හැකි වෙන්නෙ නැහැ. මේ නිසා ඔවුන් කරන් (විද්යුත් ජාම්වාල්)ව කැඳවනවා. ඔහු ප්‍රශ්න කිරීමෙන් යම්කිසි තොරතුරු වගයක් දැනගත්තත් එක් තරුණයෙක් සියදිවි නසාගන්නවා. 

තවදුරටත් මේ පිළිබඳව විමර්ශනය කරන කරන් මේ ප්‍රහාරය ඉදිරියේදී එන දීපාවලි දිනයේදී සිදුවීමට නියමිත බව දැනගන්නවා. ඊට අමතරව ප්‍රහාරය මෙහෙයවන පුද්ගලයා ඉන්නේ ලන්ඩන් නගරයේ බවත් ඔහු සොයාගන්නවා.

කලින් මෙහෙයුමේදී ඔහු සමග වැඩ කල භාවානා (අදාහ් ශර්මා) සමග විවාහක යුවලක් මෙන් ඔවුන් මේ මෙහෙයුම සඳහා ලන්ඩන් වලට යනවා. එහිදී ඔවුන්ට බ්‍රිතාන්‍ය බුද්ධි අංශයේ සේවය කරන තවත් දෙන්නෙක් සහාය වෙනවා.

ඔවුන්ගේ සහයත් ඇතිව මේ ප්‍රහාරයේ මහා මොළකරු වන බුරාක් අන්සාරි (ගුල්ෂාන් දේවයියා)ව අල්ලාගන්න කරන් උත්සහ කරනවා. දීපාවලි දිනයට කලින් ඔහුව අල්ලාගෙන ප්‍රහාරය නවත්වන්න කරන් දරන උත්සාහයත් එහිදී ඔහුට ඇතිවන බාධාත් මේ චිත්‍රපටියෙන් බලාගන්න පුළුවන්.

ක්‍රියාදාම රැසකින් සමන්විත මේ චිත්‍රපටිය Commando චිත්‍රපටි මාලාවේ වැඩිම ආදායමක් ලබපු චිත්‍රපටිය බවටත් පත් වෙලා තියෙනවා.

Film Trailer

යහලුවන්ටත් බලන්න Share කරන්න.

Post a Comment

Powered by Blogger.