Recent Posts Widget


වැලිසර නාවික හමුදා කඳවුරේ තවත් 30 දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මේ දක්වා සිදු කළ පී.සී.ආර් පරීක්ෂණ වලට අනුව වැලිසර නාවික හමුදා කඳවුරේ 60 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇති බවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පවසා සිටින්නේ.

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ වැලිසර නාවික හමුදා කඳවුරේ භටයින් 29 දෙනෙකු ඊයේ (23) දිනය තුළ හඳුනා ගැණුනි.

අදාළ නාවික භටයින්ට වෛරසය ආසාදනය වි ඇත්තේ ජා ඇල සුදු වැල්ල ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බහි වු ආසාදිතයින් සොයා සිදුකළ මෙහෙයුම් අතරවාරයේ දි බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ.

අනතුරුව නාවික හමුදාපතිවරයාගේ නියමයෙන් වැලිසර නාවික හමුදා කදවුර හුදෙකලා ප්‍රදේශයක් ලෙස නම් කර ඇති බවද යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළේය.

මීට පෙර නාවික හමුදාවේ වැලිසර කඳවුරේ සේවය කළ තවත් අයෙක් කොරෝනා ආසාදිතයෙක් බව හඳුනා ගැනුනි.

ඒ අනුව එම කඳවුරෙන් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 60කි.

යහලුවන්ටත් බලන්න Share කරන්න.

Post a Comment

Powered by Blogger.