Recent Posts Widget


වැලිසර නාවික හමුදා කඳවුරේ නාවික සෙබළුන් 29 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට මේ වන විට තහවුරු වී ඇතැයි යුද හමුදාපති මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

විශේෂ නිවේදනයක් කරමින් හමුදාපතිවරයා මේ බව සඳහන් කරයි.

ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් නාවික සෙබළෙක් නිවාඩු ගොස් සිටිය දී හදිසි රෝගී තත්ත්වයක් මත වැලිකන්ද රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඊයේ(22) දිනයේ දී කොරෝනා ආසාදිතයෙක් බවට තහවුරු වී තිබුණි.

ඒ අනුව එම සෙබළා ‍සේවය කළ වැලිසර නාවික හමුදා කඳවුරේ භට නිවාසය වහාම නිරෝධායනයට ලක් කර තිබේ.

පළමු කොරෝනා ආසාදිත නාවික සෙබළා සිටි භට නිවාසයේ සියලු නාවික සෙබළුන් PCR පරීක්ෂණ සඳහා යොමු කරනු ලැබු බවද යුද හමුදාපතිවරයා පවසයි.

එම ප්‍රතිඵල අනුව මේ වන විට ලැබු ඇති අතර ඒ අනුව පළමු කොරෝනා ආසාදිත නාවික සෙබළා ඇතුළු නාවික හමුදා සෙබළුන් 30 කට මේ වන විට කොරෝනා ආසාදනය වී තිබේ.

එම භට නිවාසයේ සිටි අනෙකුත් නාවික සෙබළුන් හා පළමු ආසාදිත නැවියා සේවය කළ අනෙකුත් කාර්යාලවල සිටි නාවිකයින් සියලු දෙනා මෙලෙස PCR පරීක්ෂණයට යොමු කර ඇති බවද හමුදාපතිවරයා පවසයි.

පළමු ආසාදිත නාවික සෙබළා සිටි නාවික භට නිවාසයේ සෙබළෙකුගෙන් වෛරසය ආසාදනය වී ඇති බවත්, එම භටයා ඇතුළු අනෙකුත් නිලධාරීන් පසුගිය දිනවල දී  සුදුවැල්ල ප්‍රදේශයේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වු පිරිස නිරෝධායනයට ලක් කිරීමේ දී මෙම නාවිකයින්ට වෛරසය ආසාදනය වි ඇතැයි තහවුරු වී ඇතැයි ද යුද හමුදාපතිවරයා කියා සිටියේය.

යහලුවන්ටත් බලන්න Share කරන්න.

Post a Comment

Powered by Blogger.