ලංකාවේ කෙරෝනා ආසාදිතයින් ගණන 300 ඉක්මවයි - 303 ක් දක්වා ඉහළට
අද(20) දිනය තුළ තවත් කොරෝනා ආසාදිතයින් 8 දෙනෙක් වාර්තා වී ඇතැයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.
ඒ අනුව ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 303 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අද උදෑසන තවත් කොරෝනා ආසාදිතයින් 24 ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
ඒ අනුව අද දිනය තුළ පමණක් නව ආසාදිතයින් 32 ක් හඳුනා ගනු ලැබීය.
අද දිනයේ වාර්තා වු සියලුම රෝගීන් හමු වී ඇත්තේ කොළඹ 12, බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ නිරෝධායනයට ලක් වෙමින් සිටින පිරිසකි.
මේ අතර පුද්ගලයින් 97 ක් දෙනෙක් සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
තවත් පුද්ගලයින් 199 ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටියි.
මේ වන විට කොරෝනා ආසාදිත මරණ 7 ක් ලංකාවෙන් වාර්තා වී ඇත.
Post a Comment