Recent Posts Widget


මෙරට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 373දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත.

ඒ අද පෙරවරුවේ තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 5 දෙනෙකු වාර්තා වීමත් සමඟයි.

මේ අතර වැලිසර නාවික හමුදා කඳවුරේ භටයින් 29 දෙනෙකුට කොවිඩ් නයින්ටීන් ආසාදනය වී ඇතැයි ඊයේ හඳුනා ගැනීමත් සමග එම කඳවුර මේ වනවිට හුදෙකලා කර ඇත.

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ වැලිසර නාවික හමුදා කඳවුරේ භටයින් 29 දෙනෙකු ඊයේ දිනය තුළ හඳුනා ගැණුනි.

අදාළ නාවික භටයින්ට වෛරසය ආසාදනය වි ඇත්තේ ජා ඇල සුදු වැල්ල ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බහි වු ආසාදිතයින් සොයා සිදුකළ මෙහෙයුම් අතරවාරයේ දි බවයි යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ.

අනතුරුව නාවික හමුදාපතිවරයාගේ නියමයෙන් වැලිසර නාවික හමුදා කදවුර හුදෙකලා ප්‍රදේශයක් ලෙස නම් කර ඇති බවද යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළේය.

යහලුවන්ටත් බලන්න Share කරන්න.

Post a Comment

Powered by Blogger.