කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වෙන්න අධි සාන්ද්‍ර මද්‍යසාර පානය කළ ඉරාන ජාතිකයන් 600ක් මරුට
අධි සාන්ද්‍රනයෙන් යුත් මද්‍යසාර පානය කර ඒවා විෂ වීමෙන් ඉරාන ජාතිකයන් 600 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
ඒවා පානය කිරීමෙන් කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට හැකි බවට පැතිර ගිය තොරතුරක් හේතුවෙනුයි මෙම පුද්ගලයන් අධි සාන්ද්‍රනයෙන් යුත් මද්‍යසාර පානය කර ඇත්තේ.
තවත් 3000කට වැඩි පිරිසක් මද්‍යසාර පානයෙන් පසු ඇතිවූ විෂ වීම් හේතුවෙන් රෝහල් ගතකර තිබෙනවා.
කොරෝනා වෛරසය පැතිර යාම හමුවේ මේවන විට ඉරානයෙන් වාර්තාවී ඇති මරණ සංඛ්‍යාව 3872ක්.
වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 62589ක් වාර්තාවී තිබෙනවා.
Post a Comment