Recent Posts Widget


කොවිඩ් - 19 වෛරසය හෙවත් කොරෝනා ආසාදනය වූ මෙරට රෝගීන් ගණන 197 දක්වා ඉහල ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා.

ඒ තවත් ආසාදිතයින් 7 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.

ඒ අතරින් පස් දෙනෙකු ජා ඇල කුඩාවැල්ල ප්‍රදේශයෙන් මීටපෙර වාර්තා වූ රෝගියා සමඟ ඇසුරු කළ අය වශයෙන් හඳුනාගෙන ඔළුවිල් නිරෝධායන මධ්‍යස්ථානයට යොමුකළ අය බවයි ඒ මහතා සඳහන් කළේ. 
එසේම එකී ජා ඇල මීටපෙර වාර්තා වූ රෝගියාගේ බිරිඳ ද කොරෝනා ආසාදිතයකු වශයෙන් හඳුනාගත් බවත් ඒ මහතා සඳහන් කළේය. 
හමුදාපතිවරයා මේ බව පැවසුවේ අද (11) උදෑසන දෙරණ රූපවාහිනී නාලිකාවට ප්‍රකාශයක් කරමිනි. 
ඒ අනුව මෙතෙක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව  197 ක් වන අතර එයට චීන ජාතික කාන්තාවද ඇතුලත්.

යහලුවන්ටත් බලන්න Share කරන්න.

Post a Comment

Powered by Blogger.