Recent Posts Widget


පාස්කු ප්‍රහාරයෙන් පසු ජාත්‍යන්කර මුස්ලිම් සංවිධානයකින් එවක ජනාධිපතිවරයාවූ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා වෙත කළ රුපියල් කොටි 90ක පරිත්‍යාගයක් සම්බන්ධයෙන් ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් ඉකුත්දා කළ ප්‍රකාශයට මෛතී‍්‍රපාල සිරිසේන මහතා ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් සඳහන් කර තිබුණේ එම ප්‍රධානයන්ට සිදුවූ දේ හෙළිකළ යුතු බවයි.

තමන් වෙත ලැබුනු මුදල් හා චෙක්පත් පරිත්‍යාගය අදාල ගිණුම්වලට ගිණුම්ගත කිරීම සඳහා අදාල නිලධාරීන්ට ලබා දුන් බවද හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මෙහිදී සඳහන් කළා.

තමන් වෙත ලැබුනු ඇතැම් ත්‍යාග පොළොන්නරුවේ පිහිටි සිය කෞතුගාරයේද තැන්පත් කර තිබෙන බවයි මෛතී‍්‍රපාල සිරිසේන මහතා වැඩිදුරටත් පැවසුවේ.

පාස්කු ප්‍රහාරයෙන් පසු ජාත්‍යන්තර මුස්ලිම් සංවිධානයකින් ලැබුණේ ලක්ෂ 100ක් පමණක් බවයි ඔහු සඳහන් කළේ.

යහලුවන්ටත් බලන්න Share කරන්න.

Post a Comment

Powered by Blogger.