Recent Posts Widget


පොලිසියේ රාජකාරියට බාධා කිරීම නිසා අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අද(14) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබන බව වාර්තා වනවා.

අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මේ වනවිට මිරිහාන පොලිසියේ රඳවා සිටිනවා.

අදාළ පරීක්ෂණ කොළඹ අපරාධ කොට්ඨාශයට භාර දී ඇති අතර එහි උසස් නිලධාරියෙක් අද පෙරවරුවේ මිරිහාන පොලිසියට පැමිණි බව අප වාර්තාකරු සඳහන් කළා.

ඇඳිරිනීති බලපත්‍ර නීතිරීති උල්ලංඝනය කරමින් මාදිවෙල මන්ත්‍රී නිවාස පරිශ්‍රයට ඇතුළුවීමට උත්සාහ ගත් රන්ජන් රාමනායක හිටපු මන්ත්‍රීවරයාගේ භෞත චිකිත්සක යැයි හඳුන්වාගත් පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන මිරිහාන පොලිසියට ඊයේ රැගෙන ආවා.

ඔහුගේ භෞත චිකිත්සක යැයි හඳුන්වාගත් එම පුද්ගලයා ඇඳිරිනීති බලපත්‍ර නීතිරීති උල්ලංඝනය කරමින් මාදිවෙල මන්ත්‍රී නිවාස පරිශ්‍රයට ඇතුළුවීමට උත්සාහ කිරීමේදී පොලිසිය ප්‍රශ්න කිරීමට ලක්කළා.

එහිදී ඊට විරෝධය පළ කරමින් මැදිහත් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක පොලිස් රාජකාරියට බාධා කරන අයුරු දක්නට ලැබුණා.

ඇඹිලිපිටිය ප්‍රදේශයේ සිට පිළියන්දල දක්වා වියළි ආහාර ප්‍රවාහනය කිරීමට යැයි පවසමින් ලබාගත් ඇඳිරිනීති බලපත්‍රයක් උපයෝගි කරගනිමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකගේ භෞත චිකිත්සකයැයි හඳුන්වාගත් පුද්ගලයෙකු ඇඹිලිපිටියේ සිට පිළියන්දල දක්වා පැමිණ තිබුණේ අදාළ රථයේ වියළි ආහාර කිසිවක් නොමැතිව බව වාර්තාවනවා.

අදාළ පුද්ගලයා පිළියන්දල ප්‍රදේශයේ සිට මාදිවල මන්ත්‍රී නිවාස දක්වා ගමන් කිරීමට උත්සාහ කිරීමේදී මන්ත්‍රී නිවාසවලට ඇතුළුවන පරිශ්‍රයේදී පොලිස් පරීක්ෂාවට ලක්වුණා.

එහිදී ඇඳිරිනීති බලපත්‍ර උල්ලංඝනය කර ඇති බවට අනාවරණවීමත් සමඟ පොලිසිය ඔහුගෙන් ප්‍රශ්න කර තිබෙනවා.

එම අවස්ථාවේදී එහි පැමිණි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක අදාළ සිද්ධියට මැදිහත් වෙමින් පොලිස් රාජකාරියට බාධා කරන අයුරු දක්නට ලැබුණා.

යහලුවන්ටත් බලන්න Share කරන්න.

Post a Comment

Powered by Blogger.