Recent Posts Widget

ස්වාධීන රූපවාහිනියේ කෝපි කඩේ ටෙලි කතාංගනයේ අප්පුගේ චරිතය රඟපෑ තිස්ස ශ්‍රී ලාල් අබේකෝන් මහතා අද (16) සවස මීරිගම මූලික රෝහලේ දී අභාවප්‍රාප්ත වුණා.

අබේපුස්ස බෝතලේ පහළගම මාදෙනිය වත්ත පදිංචිව සිටි මිය ගිය ශ්‍රීලාල් මහතා දෙදරු පියෙකි .

වසර පහක පමණ කාලයක සිට අසනීප තත්ත්වයෙන් පෙළුණු ශ්‍රීලාල් මහතා ගතවූ මාස දෙකේ දී දැඩි ලෙස ගිලන්ව වතුපිටිවල මීරිගම හා රාගම රෝහල්වල ප්‍රතිකාර ලැබ තිබුණා.

දින පහක් තිස්සේ රාගම මහ රෝහලේ ප්‍රතිකාර ලබා ඇති ශ්‍රී ලාල් මහතා දෙදිනකට පෙර ඔහු පදිංචිව සිටි මීරිගම තවලම්පිටිය නිවසට පැමිණ ඇත.

මෙසේ සිටින අතර අද(16) පස්වරු වේ යළි රෝගාතුර වීමෙන් පසු සුව සැරිය ගිලන් රියකින් මිරිගම රෝහලට ඇතුලත් කරන අවස්තාවේ මරණයට පත්ව ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළා..

මීරිගම හදිසි මරණ පරීක්ෂක තුසිත ප්‍රමෝද් විජේවර්ධන මහතා ඉදිරියේ අද 16 සවස මරන පරීක්ෂණ ය පැවැත්විනි. පශ්චාත්මරන පරීක්ෂණ ය හෙට17 වතුපිටිවල මුලික රෝහලේදී පවත්වා මරනයට හේතුව ලබා ගන්නා ලෙස හදිසි මරණ පරීක්ෂක වරයා පරීක්ෂක වරයා මීරිගම පොලිසියට නියම කළා.

දේහය පිළිබඳ අවසන් කටයුතු අද 17 මීගමුව දී සිදු කිරීමට අදහස් කරන බව ශ්‍රී ලාල් මහතාගේ බිරිඳ ඩොමිනිකා වාසනා මිතානි විජේනායක මහත්මිය පැවසුවා.

යහලුවන්ටත් බලන්න Share කරන්න.

Post a Comment

Powered by Blogger.