Recent Posts Widget


පක්ෂපාතීත්වයකින් තොරව මහමැතිවරණය සම්බන්ධව ජනතාවට වඩා වැදගත්වන තීන්දුවක් ගන්නා බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

අද(20) පෙරවරුවේ දෙරණ අරුණ වැඩසටහන සමඟ දුරකථනය ඔස්සේ සම්බන්ධවෙමින් සභාපතිවරයා මේබව ප්‍රකාශ කළේය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ කොරෝනා වසංගතයේ සිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන දක්වු ඇති සියලු කරුණු සලකා බැලිය යුතු බවයි.

එනිසාවෙන් වඩාත් ජනතාවට සුදුසු තීන්දුව ගැනීමට තමා උත්සහ දරණ බවත් පැවසු මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

“මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කනවා “ යන පිරුළට ආදේශ කරමින් මහින්ද දේශප්‍රිය මහතා පවසා සිටියේ මේ මොහොතේ මරණ විශාල සංඛ්‍යාවක් ඇති බවයි.

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව , ජනතාව, කොරෝනා වසංගතය, නිලධාරීන් මේ සියලු දෙනා පිළිබඳව අවධානය යොමු කළ යුතුව ඇතැයි ද ඒ මහතා කියා සිටියේය.

නමුත් තම පක්ෂපාතීත්වය ඇත්තේ සෑම විටම ඇත්තේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට, ප්‍රජාතන්ත්‍රවාදයට හා ජනතාවට බවද පැවසීය.

දිනය තීරණය කිරීම ගැන කොමිෂන් සභාවේ කථා කළ යුතු බවත් පැවසු ඒ මහතා, තමාට කිසි විටෙකත් මේ ගැන තනි තීරණයක් ගත නොහැකි බවත් කියා සිටියේය.

යහලුවන්ටත් බලන්න Share කරන්න.

Post a Comment

Powered by Blogger.