සුනඛයන්ට මෙන්ම ශ්‍රී ලංකාවේ අනෙකුත් සතුන්ට කොරෝනා අසාධනය වන බව බොහෝ කලක සිට දැනගෙන සිටියද කොවිඩ් 19 රෝගය මෙරට සතෙකුට ආසාධනය වී ඇත්දැයි පරීක්ෂණ කර නොමැති බවත්, එමෙන්ම එය සතෙකුට වැළඳුන බවට සොයාගැනීමක් කර නොමැති බවත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අශෝක දංගොල්ල පවසනවා.
එහෙත් එක්තරා සුනඛ වර්ගයකට ඇති ශ්වසන රෝග ලක්ෂණ , මිනිසුන්ට වැළඳෙන ශ්වසන රෝගවල ලක්ෂණයන්ට සමාන විය හැකි බව ඔහු සඳහන් කළා.
ලොව රටවල් කිහිපයක සුනඛයෙකුට, බළලෙකුට, සිංහයෙකුට කොවිඩ් 19 ආසාදනය වූ බවට වාර්තා වුවද සතෙකුගෙන් මිනිසෙකුට වැළඳුන බවට වාර්තා වී නොමැති බවයි ඔහු කියා සිටියේ.
මේ නිසා සුනඛයන්ට ඇති ආදරය කිසිසේත්ම වෙනස් කළ යුතු නැති බවත්, සුනඛයා රෝග වාහකයෙකු ලෙස සැලකිය යුතු නැති බවත් මහාචාර්ය අශෝක දංගොල්ල වැඩිදුරටත් පැවසුවා.
Post a Comment