Recent Posts Widget

කොරෝනා ආසාදිතයන් රට පුරා තැනින් තැන මතු වීමත් සමග රට ශ්‍රී ලංකාව මේ වන විට බරපතල අවදානමකට ලක්වී තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

සංගමයේ නියෝජ්‍ය ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පෙන්වා දෙන්නේ මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා වහා මැදිහත් වී කටයුතු කළ යුතු බවයි.දැනටමත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් පිරිස් කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමට එරෙහිව කටයුතු කරමින් සිටින බවද ඔහු සඳහන් කළේය.

හිටපු අමාත්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාගේ හිතවතුන් පිරිසක් තවමත් සෞඛ්‍ය අමාත්‍යාංශය සිටිමින් ඔහුගේ උපදෙස් අනුව මෙම කොරෝනා පාලනය කාරණය කඩාකප්පල් කිරීමේ කටයුතු සූක්ෂම සිදු කරමින් සිටින බවත් ඔහු චෝදනා එල්ල කළේය.

දැනට යම් මට්ටමකට රෝග ව්‍යාප්තිය පාලනය කර ඇතත් රෝග පාලනය සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක‍්‍රියාමාර්ග හා මග පෙන්වීම් ගැන සෞඛ්‍ය සේවකයන් නිසි අවබෝධයක් ලබා දී නැති බවත් ඔහු පැවසීය.

ඒ ආකාරයෙන් ක‍්‍රියාවලිය අඩපණ කරවීමට හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පිරිස් බරපතළ ලෙස මැදිහත් වෙමින් ඇති බවත් ඔහු කියා සිටියේය.

රට පුරා ස්ථානවල මතුවෙමින් ඇති රෝගී පොකුරු ශ්‍රී ලංකාව දැඩි අවදානමකට ලක්ව කර ඇති බවත් කර එම තත්ත්වය පාලනය කිරීම සඳහා ජනතාව උපරිම වශයෙන් සමාජ දුරස්ථභාවය රැකීමට කටයුතු කළ යුතු බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

අන්තර්ජාල නාලිකාවක් සමග අදහස් පළ කරමින් නියෝජ්‍ය ලේකම්වරයා මෙම අදහස් පල කරන ලදී.

යහලුවන්ටත් බලන්න Share කරන්න.

Post a Comment

Powered by Blogger.