මහා මාර්ගවල සහ අතුරු මාර්ගවල ගමන් කිරීමේදී මුඛ ආවරණ පැළඳීම අනිවාර්යය කර ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය පවසයි.
එම ඒකකයේ අධ්යක්ෂ, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසුවේ පොලිසිය මේ සම්බන්ධයෙන් සොයා බලන බවත් මුඛ ආවරණ නොමැතිව මාර්ගවලට පිවිසෙන අය ආපසු හරවා යැවෙනු ඇති බවත්ය.
කෙසේවෙතත් පසුගිය මාර්තු 24 වනදා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කර තිබුණේ ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය සමාජීය වශයෙන් පැතිර යාමක් වාර්තා වී නොමැති නිසා මුඛ ආවරණ පැළදීමක් අවශ්‍ය නොවන බවයි.
Post a Comment