Recent Posts Widget


කළුතර කටුකරුන්ද ප‍්‍රදේශයේ ඊයේ (14) පස්වරුවේ හදිසියේ නාදුනන පුද්ගලයෙක් මියයාමෙන් ප‍්‍රදේශයේ උණුසුමිකාරි තත්වයක් ඇතිව තිබෙනවා.

මියගොස් ඇති පුද්ගලයා ගාලුපාර ආසන්නයේ අතුරු මාර්ගයක අසනීප වී සිටියදි ප‍්‍රදේශවාසින් 1990 සුවසැරියට දැනුම්දි ඇතත් එය පැමිණ නොමැති බවයි වාර්තා වන්නේ.

පසුව ඒ අසලින් ගමන්ගත් කළුතර පරිපාලන සෞඛ්‍ය පරික්‍ෂක ආර්.ජි.සිංහභාහු මහතා ඇතුළු මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන්ට මේ බව දැනුම් දිමේදි ඔවුන් රෝගියා පරික්‍ෂා කර ඇති අතර ඊට සුඵ මොහොතකට පසුව ඔහු මියගොස් තිබෙනවා.

මියගොස් ඇති පුද්ගලයා උණ ගතියෙන් සිට ඇති බැවින් ඔහු පරික්‍ෂා කිරිමට යොදාගත් ආරක්‍ෂිත ඇදුම් කට්ටලයද පුලුස්සා ඇති අයුරු දැකගැනිමට හැකි වුණා.

පසුව ස්ථානයට පැමිණ කළුතර දකුණ පොලිස් නිළධාරින් විසින් ප‍්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්‍ෂකගේද සේවය ලබාගෙන මළසිරුර ආරක්‍ෂා සහිතව පොලිතින් වලින් ඔතා කළුතර නාගොඩ මහ රෝහලට රැගෙන යනු ලැබුවා.

යහලුවන්ටත් බලන්න Share කරන්න.

Post a Comment

Powered by Blogger.