Recent Posts Widget

මුලතිව් පුදුමාතලන් කැලෑබද ප්‍රදේශයේදී වලදමා තිබියදී සොයාගත්  බෝම්බ ඇතුලු යුද උපකරණ තොගය අධිකරණ නියෝගයකට අනුව විනාශ කිරීමට පියවර ගෙන ඇති බවට මුලතිව් පොලිස් විශේෂ කාරය බලකා කඳවුර පවසයි.

නාවික හමුදා බුද්ධි තොරතුරකට අනුව මුලතිව් පොලිස් විශේෂකාරය බලකා කඳවුරේ නිලධාරීන් විසින් පුදුමාතලන් කැලෑබද ප්‍රදේශයේදී සිදුකරන ලද සෝදිසි කිරීමකදී අදාල බෝම්බ ඇතුලු යුද උපකරණ තොගය හමු වී ඇත.

එහිදී හමු වූ යුද උපකරණ අතර ජීව අත්බෝම්බ දෙකක්, ආර්.පී.ජී. උණ්ඩ දෙකක්, මිලිමීටර් 60 මෝටාර් උණ්ඩ 05 ක් මිලිමීටර් 80 මෝටාර් උණ්ඩ දෙකක් සොයාගත් දෑ අතර වෙයි.

යුද සමයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් වලදමන්නට ඇති බවට මුලතිව් පොලිස් විශේෂ කාරය බලකාය සැක පල කර සිටින අතර මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණ නියෝගයකට අනුව මෙම බෝම්බ තොගය නිශ්ක්‍රීය කිරීමට පියවර ගෙන ඇත.

යහලුවන්ටත් බලන්න Share කරන්න.

Post a Comment

Powered by Blogger.