Recent Posts Widget


අද පවතින තත්ත්වය අනුව දැනට ක්‍රියාත්මක වන ඇඳිරි නීතිය අනිවාර්යෙන්ම මේ මාසය තුළ අවසන් කිරීමේ හැකියාවක් පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරනවා.

ඇඳිරි නීතිය ඉවත් කිරීමට ප‍්‍රවේශ වීම සඳහා වන උපායමාර්ග මේ වන විට සාකච්ඡා කරමින් ඇති බවද ඔහු සඳහන් කළා.

නමුත් සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාමේදී ජනතාව වඩාත් සැලකිලිමත් විය යුතු බවත් දුරස්ථභාවය උපරිමව රැකගැනීම කළ යුතු බවත් ඔහු කියා සිටියා.

ශ්‍රී ‍ලංකාවාසී සියළු දෙනාටම වාසනාවන්ත නිරෝගී අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරන බවද පැවසූ ඔහු මෙවර අලුත් අවුරුදු සැමරීම සඳහා කිසිදු බාධාවක් නැති බවත් අලුත් අවුරුදු සිරිත් විරිත් තම පවුල තුල ඒ ආකාරයෙන්ම සිදු කිරීමට කටයුතු කරන ලෙසත් ඒ මහතා ඉල්ලා සිටියා.

නෑදෑ ගමන් යාම, තෑගි බෝග හුවමාරුව මෙම වසරට පමණක් සම්පූර්ණයෙන්ම අත්හිටුවන ලෙසද ඔහු ඉල්ලා සිටිනවා.


යහලුවන්ටත් බලන්න Share කරන්න.

Post a Comment

Powered by Blogger.