රන්ජන් රාමනායක රිමාන්ඩ් කෙරේ… සතියක් ඇතුලේ..
එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අප්‍රේල් මස 20 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
පොලිස් රාජකාරියට බාධා කිරීමේ චෝදනාව මත අත්අඩංජගුවට ගන්නා ලද ඔහු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
කල් ඉකුත් වූ ඇදිරිනීති බලපත්‍රයක් උපයෝගී කරගෙන ඇදිරි නීති නියෝග උල්ලංඝනය කරමින් මාදිවෙල මන්ත්‍රී නිළ නිවාස වලට ඇතුළු වීමට උත්සාහ දැරු පුද්ගලයෙකුගෙන් පොලීසිය ප්‍රශ්න කිරීමේදී රාමනායක හිටපු මන්ත්‍රීවරයා මැදිහත්වී පොලිස් රාජකාරියට බාධා කිරීම මත ඔහු ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගන්නා ලදී.
අදාල පුද්ගලයා තමන්ගේ භෞත චිකිත්සකයා යයි හිටපු මන්ත්‍රීවරයා විසින් හඳුන්වා දුන්නද භෞත චිකිත්සක සංගමය නිවේදනය කර ඇත්තේ ඔහු භෞත චිකිත්සකයෙකු නොවන බවයි.
Post a Comment