Recent Posts Widget


මාතර, අකුරැස්ස ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනාගත් පුද්ගලයාගේ, මියගිය පියාගේ අවසන් කටයුතු ජාත්‍යන්තර නිරෝධායන නීතියට අනුව ගාල්ල, දඩල්ල සුසාන භූමියේදී අද උදෑසන සිදු කළා.

කරාපිටිය ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී ‍ මෙම පුද්ගලයා මියගොස් තිබූ අතර ඔහුට ඇප උපස්ථාන කටයුතු සිදුකිරීම සඳහා ඔහුගේ පුත්‍රයා එම වාට්ටුවේ රැඳී සිට තිබු අතර එහිදී සිදුකළ පරීක්ෂණයකදී ඔහුට කොරෝනා වෛරසය ආසාධණය වී ඇති බව තහවුරු වුනා.

කෙසේවෙතත් මියගිය මෙම පුද්ගලයාට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව රෝහල් බලධාරීන් සඳහන් කළ අතර මියගිය පුද්ගලයා සම්බන්ධයෙන් අවස්ථා දෙකකදී කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්ද යන්න සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පරීක්ෂණ කටයුතු සිදුකළද එම අවස්ථා දෙකේදීම ඔහුට වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබුණා.

කෙසේ වෙතත් මියගිය පුද්ගලයාගේ පුත්‍රයාට කොරෝනා වෛරයස ආසාධනය වී ඇති බව තහවුරු වීමත් සමඟ එම පුද්ගලයා සහ පවුලේ ඥාතීන්ද නිරෝධායන කටයුතු සදහා යොමු කිරීමට ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් පියවර ගනු ලැබුවා.

මෙම කොරෝනා ආසාධිත පුද්ගලයා කොරියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණ නිරෝධායනයටද ලක්වූ අයෙකු බවයි වාර්තා වුනේ.

යහලුවන්ටත් බලන්න Share කරන්න.

Post a Comment

Powered by Blogger.