Recent Posts Widget

ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන පසුබිමක මිහින්තලේ වෙල්ලාරගම වේවැල්දිගිලිය ප්‍රදේශයේදී මහවැවේ වාන් ඇල අසල කැලෑබද පෙදෙසක පවත්වාගෙනගිය නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා ගෝඩා ලීටර 215ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට මිහින්තලේ පොලීසිය කටයුතු කළේය.

එසේම ඇල්පිටිය පොල්අතු පලාත ප්‍රදේශයේ සිදුකල නීතිවිරෝධී මත්පැන් වැටලීමකදී නීතිවිරෝධී මත්පැන් හා සැකකරුවන් සිව්දෙනෙකු සිය භාරයට ගැනීමට ඇල්පිටිය සුරාබදු ස්ථාන නිළධාරීන් කටයුතුකළා.

මේ අතර අම්පාර දමන මියුගුන පොලිස් මාර්ග බාධකයේදී සිදුකල පරීක්ෂාවකදී හෙරෝයින් ග්‍රෑම් 05යි මිලි ග්‍රෑම් 470ක් සමඟ තරුණ යුවලක් අත්අඩංගුවට ගෙනඇති අතර කාන්තාවගේ උදරය ප්‍රෙද්ශයේ සූක්ශම අයුරින් සඟවා හෙරෝහින් ප්‍රවාහනයකර තිබුණි.

මේ අතර කටාන කඳවල ප්‍රදේශයේ මත්පැන අලෙවිකරන වෙළඳසැලකට ඊයේ අලුයම හොර රහසේ ඇතුළු වූ පුද්ගලයින් දෙදෙනෙකු එහි තිබූ විදෙස් මත්පැන් කෑන් තොගයක් සොරාගෙන තිබේ.

ඔවුන් වෙළඳසැලට ඇතුළු වන අයුරු සහ එහි තිබූ සීසීටීවී කැමරාව රෙදි කැබැල්ලකින් ආවරණය කරන අයුරු සීසීටීවී කැමරාවේ සටහන්ව තිබුණි.

යහලුවන්ටත් බලන්න Share කරන්න.

Post a Comment

Powered by Blogger.