Recent Posts Widget


ලොවම බියට පත් කර ඇති කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසයේ තිඹිරි ගෙය වූ චීනයේ වුහාන් නගරය දින 76 කට පසු යළි විවෘතවීමත් සමඟ මේ වනවිට එහි ජනතාව සිය දෛනික කටයුතු වෙනුවෙන් උද්යෝගයෙන් නගර වෙත පැමිණෙමින් සිටිනවා.

ඊයේ දිනයේදී වුහාන් නගරය මුළුමනින්ම විවෘත කිරීමටයි එරට බලධාරීන් කටයුතු කර තිබුණේ.

එසේම විශ්මිත ආලෝක රටාවන්ගෙන් ඊයේ මධ්‍යම රාත්‍රිය අලංකාර කර තිබුණේ වෛරසය මැඩලීමට සක්‍රියව සිය දායකත්වය දැක්වූ සියලූ සෞඛ්‍ය කාර්ය මණ්ඩල නිලධාරීන්ට උපහාරයක් ලෙසින්.

එරට මාධ්‍ය සහ ජාත්‍යන්තර මාධ්‍ය එය වාර්තාකර තිබුණේ ‘‘වූහාන් යළි නැගිටියි’’ ලෙසින්.

ඒ අනුව දින 76 ක කාලයක් වුහාන් නගරයට පැමිණීම අවහිර කරමින් මාර්ගවල තිබූ සියලූ මාර්ග බාධකද ඉවත් කරන අයුරු සමාජ මාධ්‍යය තුළද පළ කර තිබුණා.

පසුගිය දෙසැම්බරයේ ආරම්භ වූ කොරෝනා වෛරසය ව්‍යාප්තවීමත් සමඟ චීනයේ වුහාන් නගරය ජනවාරි මාසයේ වසා දැමුණු අතර, එහි සිරවී සිටි ශ්‍රී ලාංකික සිසුන් 33 දෙනා දිවයිනට ගෙන්වා ගැනීමේ සිද්ධියද සියලූදෙනාගේ අවධානයට ලක්වුණා.

යහලුවන්ටත් බලන්න Share කරන්න.

Post a Comment

Powered by Blogger.