ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින්ට ඉන්දියාවේ ක්‍රමයට දඬුවම් දුන් පොලිස් නිළධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් වෙයි
රට තුල කොරෝනා වෛරසය ව්‍යාප්ත වීඹ වැළැක්වීම සඳහා මේ වන විට දිවයින පුරා පොලිස් ඇඳිරිනීතිය පනවා තිබෙනවා. කෙසේ නමුත් ඊට අවතන නොවෙමින් කටයුතු කළ බොහෝ පිරිසක් මේවන විටත් පොලිස් අත්අඩංගුවට පත්ව ඇති අතර තවදුරත් එවැනි පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය කටයුතු කරමින් සිටිනවා.
මේ අතර ඇඳිරි නිතිය කඩ කරමින් මාර්ගයේ සැරි සැරූ පුද්ගලයින් පිරිසකට "ඉන්දීය ක්‍රමයට" දඬුවම් පැමිණවු රථ වාහන පොලිසියේ නිලධාරින් දෙදනෙකුගේ වැඩ තහනම් කිරිමට පොලිස් මුලස්ථානය පියවර ගෙන තිබෙනවා.
ඇඳිරි නීතිය පනවා ඇති අවස්ථාවේ මරදාන ප්‍රදේශයේ මාර්ග අසල පදික වේදිකාවේ නිකරුනේ රැඳී සිටිය බව පවසමින් එම ස්ථානයේ රාජකාරියේ යෙදී සිටි රථ වාහන පොලිසියේ සාජන්ට්වරයෙක් සහ කොස්තාපල්වරයෙක් මෙලෙස එම පිරිසට දඬුවම් කර තිබුණා.
ඒ අනුව අදාළ පොලිස් නිලධාරීන්ගේ නියෝග මත එම පුද්ගලයින් තමන්ගේ දෑත් වලින් කන් අල්ලා ගෙන මාර්ගය අයිනේ සිට ගෙන සිටින අයුරු මාධ්‍ය හරහා විකාශය වුනා.
කෙසේ වෙතත් මෙලෙස මාර්ගය අසල සිටි පුද්ගලයින්ට පොලිස් නිලධාරින් දෙදෙනා දඬුවම් පමුණුවා ඇත්තේ ඉන්දීය පොලිසිය විසින් ඇඳිරි නිතිය කඩ කරන පුද්ගලයින්ට දෙන දඬුවම අනුකරණය කිරීමේ අදහසින්ද යන්න පිළිබඳ පරීක්ෂණ සිදු කරන බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ.
Post a Comment