මංගල සමරවීර රහස් පොලිසියට කැදවයි.. පොදු දේපල අවභාවිත චෝදනා..
හිටපු ඇමැති මංගල සමරවීර මහතා එලැඹෙන බදාදා දිනයේ රහස් පොලිසියට කැඳවා තිබේ.
පසුගිය ජනාධිපතිවරණ දිනයේ මන්නාරම සිට පුත්තලමට ඡුන්ද දායකයන් ප්රවාහනය කිරීම සඳහා බස් රථ 225 යෙදවීමට අනුමැතිය දීම සම්බන්ධයෙන් ප්රකාශයක් ලබා ගැනීමට මෙම කැඳවීම සිදුකර ඇත.
ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ 225ක් මේ අන්දමින් අවභාවිතයේ යොදවා ඇති බවට ලැබී ඇති පැමිණිල්ලක් මත මෙම පරීක්ෂණ සිදු කෙරේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් හිටපු ඇමැති රිෂාඩ් බදුර්දීන් මහතාගෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්රශ්න කර තිබේ.
මෙම පැමිණිල්ලට අදාළව දණ්ඩ නීති සංග්රහයේ වගන්ති ප්රකාරව පොදු දේපල පනත යටතේ පරීක්ෂණ සිදු කෙරේ.
Post a Comment