Recent Posts Widget


මෙරට කොරෝනා රෝගීන් වාර්තා වන ප්‍රදේශවල ගෘහාශ්‍රිතව ජීවත්වන සතුන්ගේ ජෛව සාම්පල පරීක්ෂාවට ලක් කිරීම කෙරෙහි අවධානය යොමුව ඇති බව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති පශු වෛද්‍ය හේමාලි කොතලාවල පවසනවා.

කොරෝනා වෛරසය සතුන්ගෙන් මිනිසුන්ට සම්ප්‍රේශනය වීම පිළිබඳව මේ දක්වා ලොව කිසිදු රටකින් වාර්තා වී නැහැ.

කෙසේ වෙතත්, මිනිසුන්ගෙන් සතුන්ට එම වෛරසය සම්ප්‍රේශනය වන බවට මේ වනවිටත් තහවුරු වී තිබෙනවා.

සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සත්ව සෞඛ්‍ය අංශය සහ පශු වෛද්‍ය පර්යේෂණ ආයතනය එක්ව ඒ පිළිබඳව පරීක්ෂණ සිදුකිරීමට නියමිත බවයි රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති පශු වෛද්‍ය හේමාලි කොතලාවල කියා සිටියේ.

යහලුවන්ටත් බලන්න Share කරන්න.

Post a Comment

Powered by Blogger.