Recent Posts Widget


නාවික හමුදා නිලධාරින් ප්‍රවාහනය කල ලංගම බස් රථයක් තාප්පයක ගැටිමෙන් සිදුවු අනතුරෙන් නාවික භටයින් පස් දෙනෙක් තුවාල ලබා තිබේ.

තුවාල ලැබු සෙබළුන් බලපිටිය මූලික රෝහලට ඇතුළත් කල බව අම්බලන්ගොඩ පොලීසිය පවසයි.

අම්බලන්ගොඩ, රන්⁣දොඹේ සංඝරාජ විහරය ඉදිරිපිට නිවසක තාප්පයක අද (28) අලුයම 2.30ට පමන බස් රථය ගැටි තිබේ.

අනතුර සිදුව ඇත්තේ රියදුරුට නින්දයාම නිසා බව පොලීසිය පවසයි.

බස් රථයේ රියදුරු ‍අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

නිවාඩු ලබා පැමින සිටි නාවික භටයන් 32 ක් බද්දේගම , ගාල්ල, කොග්ගල ප්‍රදේශවලින් රැගෙන කොළඹ බලා ගමන්කල පානදුර ඩිටපෝවට අයත් බස් රථයක් ⁣මෙලෙස අනතුරට ලක්ව ඇත.

පසුව අම්බලන්ගොඩ ඩිපෝවට අයත් බස් රථයකින් අනතුරට පත් බස් රථයේ සිටි පිරිස කොළඹ බලා රැගෙන යාමට නාවික හමුදාව කටයුතු කර තිබේ.

යහලුවන්ටත් බලන්න Share කරන්න.

Post a Comment

Powered by Blogger.