Recent Posts Widget


රක්ෂිත බන්ධනගාර ගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ඇප මත මුදාහැරීමට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය අද(20) නියෝග කර තිබේ.

ඒ අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදීය.

ඇඳිරි නීතිය කඩ කිරීම, එය කඩ කිරීම සඳහා ආධාර අනුබලදීම, පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම යන චෝදනා යටතේ පසුගිය 13 වනදා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා මිරිහාන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

අනතුරුව පසුගිය 14 වනදා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

ඒ අනුව අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී නුගේගොඩ මහේස්ත්‍රාත් ඒ.එම්.එම් මිහාල් මහතා පැවසුවේ සැකකාර හිටපු මන්ත්‍රීවරයා රුපියල් ලක්ෂ දෙක බැගින්වූ ශරීර ඇපයක් මත මුදාහරින ලෙසයි.

එය ගෙවන තෙක් පුද්ගලික ඇප මත නිදහස් කිරීමට හැකියාව පවතින බව මහේස්ත්‍රාත්වරයා දැනුම් දී තිබේ.

සැප්තැම්බර් 28 වනදා නඩුව යළි කැඳවීමට නියමිතයි.

යහලුවන්ටත් බලන්න Share කරන්න.

Post a Comment

Powered by Blogger.