දැන් ශ්‍රී ලංකාව අවසන් කොරෝනා පොකුරේ.. පොකුරු 27ක් මැඩ අවසන්...
පසුගිය මාර්තු 11 වැනි දා ශ්‍රී ලාංකික පළමු කොරෝනා ආසාදිතයා වාර්තා වීමෙන් පසු අද දක්වා සියලු කොරෝනා ආසාදිතයන් නිර්මාණය වී ඇත්තේ ප්‍රධාන පොකුරු 31කින් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.
රාජ්‍ය බුද්ධි සේවා විසින් සිදුකරනු අතර සුවිශේෂී මෙහෙයුම් හේතුවෙන් මෙම පොකුරු 31 ම සියලු ආශ්රීතයන් සොයාගෙන අවසන් යයි ද ඔහු පැවසීය.
මෙම සියලු පොකුරුවලින් දැනට ක්‍රියාකාරී ව තිබෙන්නේ පොකුරු 04 පමණක් බවත් ඉතිරි 27 අකර්මණ්‍ය වී ඇති බවත් ඔහු සදහන් කලේය.
දැනට ක්‍රියාකාරී තත්වයේ තිබෙන පොකුණු 04න් 03ක් අක්‍රිය වෙමින් පවතින බවත් අවසාන වශයෙන් මෙරට දැනට සක්‍රීය තත්වයේ ඇත්තේ එකම එක පොකුරක් පමණක් යැයිද ඔහු පැවසුවේය. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.
Post a Comment