Recent Posts Widget


ඊයේ දිනයේදී කොලොන්නාවෙන්, රාජගිරියෙන් හා ජාතික රෝහලෙන් හදුනාගත් තිදෙනාට කොරෝනා වෛරසය ආසාදනය වී නැති බව අවසන් වරට සිදුකරන ලද කොරෝනා පරීක්ෂාවෙන් හෙලිව තිබේ.

අද දිනයේ ඔවුනට සිදු කරන ලද පරීක්‍ෂාවලදී මේ බව හෙලි වූයේ යයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.

කොරෝනා සදහා සිදු කරන PCR පරික්‍ෂණයේ නිවරද්‍යතාවය 70%ක් පමණ වන බව ලෝකයේම මතයයි.

මේ අතර හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරන්නේ ඉදිරි සදුදා වනවිට රට සීමා ලිහිල් කිරීමකට ලක් කරන බැවින් මේ තීරණාත්මක දින කිහිපය ඉවසීමෙන් කටයුතු කරන ලෙසයි.

මේ තත්ත්වය මත කොළඹ දිස්ත්‍රික්කය තුළ පැවති කොරෝනා පොකුරු මතුවීමේ අවදානම් සහගත තත්ත්වය යම් ප්‍රමාණයකට අඩු වී ඇතත් කොළඹ මෝදර ප්‍රදේශයෙ මියගිය ආසාදිත කාන්තාවගේ ආශ්‍රිතයන් සම්බන්ධයෙන් ගැටලුව තවදුරටත් පවතී.

යහලුවන්ටත් බලන්න Share කරන්න.

Post a Comment

Powered by Blogger.