Recent Posts Widget


මහනුවර – අකුරණ සහ බේරුවල – පන්නිල හා චීන කොටුව යන ප‍්‍රදේශ හුදෙකලා කරමින් පනවා තිබූ සංචරණ සීමා ඉවත් කර තිබෙනවා.

ඒ අනුව එම ප‍්‍රදේශ යළි විවෘත කෙරෙන බවයි යුද්ධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ.

නව කොරෝනා ආසාධිත පොකුරු හදුනා ගැනීම නිසා මහනුවර – අකුරණ සහ බේරුවල – පන්නිල හා චීන කොටුව යන ප‍්‍රදේශ හුදෙකලා කෙරුණා.

ඒ අනුව එම ප‍්‍රදේශවලට ඇතුළු වීම හා පිටවීම මේ දක්වා පැවතියේ තහනම්වයි

යහලුවන්ටත් බලන්න Share කරන්න.

Post a Comment

Powered by Blogger.