Recent Posts Widget

ඇදිරි නීති බලපත්‍රයක් නොමැතිව අකුරැස්සේ සිට ශ්‍රි පාදස්ථානය දක්වා යාමට පැමිණි අකුරැස්ස ප්‍රාදේශිය සභාවේ සභාපති මුණිදාස ගමගේ මහතා ඇතුළු තවත් සිවුදෙනෙක් අද (03) දින මස්කෙළිය මවුස්සාකැලේ පොලිස් මුරපොළේදි අත්අඩංගුවට ගත් බව මස්කෙළිය පොලීසිය පවසනවා.

ලොරි රථයකින් ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා සහ සභාපතිවරයාගේ හිතවතුන් යැයි පවසෙන සිවුදෙනා අද දින පස්වරු 1 ට පමණ මස්කෙළිය මවුස්සාකැලේ පොලිස් මුරපොළ පසු කර යාමට ලොරි රථය ධාවනය කිරිමේදි එම පොලිස් මුරපොළේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරින් ලොරි රථය පරික්ෂා කිරිමේදි එහි ගමන් ගත් කිසිවෙකුටත් ඇදිරි නීති බලපත්‍රයක් නොමැති බවට තහවුරු විමෙන් පසු ලොරි රථයේ ගමන් ගත් සියලු දෙනා සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානමත් සමග පුජනිය ස්ථාන වැද පුදා ගැනිමට යාම සෞඛ්‍ය අංශ විසින් තහනම් කර ඇති අතර , ශ්‍රි පාදස්ථානයටද ගමන් කිරිම නල්ලතන්නිය පොලීසිය විසින් පවත්වා වසංගත තත්ත්වය මත තාවකාලිකව නතර කර තිබෙනවා.

සභාපතිවරයා ඇතුළු අත්අඩංගුවට ගත් අනෙක් සැකකරුවන් සිවුදෙනා ගමන් ගත් ලොරි රථයේ තිබි ගමන් මලු කිහිපයක්ද පොලිස් භාරයට ගෙන ඇති බව වාර්තා වනවා.

යහලුවන්ටත් බලන්න Share කරන්න.

Post a Comment

Powered by Blogger.