Recent Posts Widget

කොරෝනා වසංගතය පාලනය කිරීමෙන් අනතුරුව පාසල් ආරම්භ කරන්නේ නම්, විශේෂ කාල සටහන් ක්‍රමවේදයක් යටතේ කටයුතු කිරීම කෙරෙහි අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුවී තිබෙනවා.

එහි ලේකම් එන්.එච්.එම්. චිත්‍රානන්ද හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ මේ අනුව, විභාග පාදක කර ගනිමින් 10 න් ඉහළ ශ්‍රේණි සඳහා පමණක් පාසල් ආරම්භ කිරීම කෙරෙහි ද සාකච්ඡා කෙරුණු බවයි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ බලධාරින් හා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් අතර, පසුගියදා පැවති හමුවකදී මේ බව සාකච්ඡා වී තිබෙනවා.

එසේම, පාසල් ආරම්භයට පෙර සියලූ පාසල් විෂබීජහරණයට ලක් කිරීමට පියවර ගන්නා ලෙස දැනුම් දෙමින් අධ්‍යාපන අමාත්‍යාංශය පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත උපදෙස් මාලාවක් නිකුත් කර ඇතැයි ද අමාත්‍යාංශ ලේකම්වරයා පෙන්වා දුන්නා.

මේ අතර, කොරෝනා වසංගතයෙන් අනතුරුව පාසල් නැවත ආරම්භ කළ පසු රජය ලබාදෙන සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද යටතේ පාසල් ළමයින් ප්‍රවාහනය කිරීමට තමන් සූදානම් බව සමස්ත ලංකා පාසල් ළමයින් ප්‍රවාහන සංගමය ප්‍රකාශ කළා.

යහලුවන්ටත් බලන්න Share කරන්න.

Post a Comment

Powered by Blogger.