Recent Posts Widget


කොවිඩ්-19 වෛරස ආසාදිතයින් විසි පස්දෙනෙකු ඊයේ දිනය තුළදී මෙරටින් සොයාගත්තේය.

ඉන් දහඅටදෙනෙක් නාවික හමුදා සෙබළුන්.

ඒ අනුව මේවන විට මෙරට වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 690ක්.

මේ අතර කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිත පොකුරු සියල්ල හඳුනාගෙන ඇති බව රාජ්‍ය බුද්ධි සේවයේ වැඩබලන සහකාර අධ්‍යක්ෂ පරාක්‍රම ද සිල්වා මහතා සදහන් කළේය.

ගතවු පැය 24ක කාලය තුල කොවිඩ් 19 ආසාදිතයන් 25 දෙනකු හඳුනාගැනීමත් සමඟ  මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 690 දක්වා ඉහළ ගියේය.

රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් 23 දෙනෙකු සුවය ලබා ඊයේ දිනය තුළ නිවෙස් වෙත පිටත්ව ගිය අතර මේ වන විට සුවය ලැබු පිරිස 162 කි.

වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ තවත් පුද්ගලයන් 521 දෙනෙකු මේ වන විට ප්‍රතිකාර මධ්‍යස්ථාන හතක පසුවන බවයි.

මේ අතර කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිත පොකුරු සම්බන්ධයෙන් සියලු තොරතුරු බුද්ධි අංශ සතුව පවතින බව රාජ්‍ය බුද්ධි අංශය පවසයි.

මේ අතර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අවධාරණය කළේ තවත් පොකුරු ආසාදිතයින් ඇතිවීම වැළැක්වීම සදහා ජනතාවටද කාර්යභාරයක් ඇති බවයි.

යහලුවන්ටත් බලන්න Share කරන්න.

Post a Comment

Powered by Blogger.