වෙසක් පෝදා සුරතල් සුනඛයෙකු වෙඩි තබා ඝාතනය කළ පාපතරයා ( VIDEO)
මීගමුව පෙරියමුල්ල ශාන්ත අන්තෝනි පාරේ නිවසක සුරතලයට ඇතිදැඩි කළ සුනඛයෙකුට වෙඩි තබා ඝාතනය කර තිබේ.
ප්‍රදේශයේ වෙසෙන විශ්‍රාමික පොලිස් නිළධාරියකු විසින් මෙය සිදුකර ඇතැයි වාර්තාවේ.
මේ ඝාතනය පිළිබදව ප්රදේශවාසියකු මෙසේ මාධ්‍යයට අදහස් දක්වා සිටියේය.
"මේ බල්ලා හැමදාම මම ලගට ඇවිත් උදේට කෙදිරිගානව එයාව එළියට යවන්න කියල . අපි සාමාන්‍යයෙන් මේ දවස්වල යවන්නේ නැ . ගෙදර දුවලත් කියනවා යවන්න එපා කියල. මට කරදර කරල ඌ ගේට්ටුව ලගට ගිහින් හිටියා මම එනකම් ගේට්ටුව අරින්න . මම එත් කියලත් ඇරියේ විනාඩි 5 ක් දෙන්නනම් ඉක්මන් එන්න ඕනා කියල. ඌ ගිහින් විනාඩි 10 ක් විතර යද්දි මට වෙඩි සද්දයක් ඇහුනා මම හිතුවා බල්ලට කරදයක්ද කියල මම ඉක්මනට පාරට ඇවිත් බලනකොටත් ඌ ලේ පෙරාගෙන ඇවිත් අපේ ගේ ඉස්සර ඇදගෙන වැටුනා මම උස්සල අතට ගත්තා මගේ අත ලෙවකාල තමයි උගේ පණගියේ".
මේ සම්බන්ධයෙන් දැනටමත් පොලිස් පරීක්ෂණ ආරම්භ වී ඇතැයිද වාර්තාවේ.
Post a Comment